දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්
Homeප්‍රවෘත්ති

ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්

PropellerAds

ජෝ බයිඩන් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති නමුත්, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි අසන විට ඔහු එය එසේ නොවේ යැයි කියමින් ප්‍රතික්...

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි
සන්ධාන මන්ත්‍රීවරු හා ජනපති අතර සාකච්ඡාවේදී විශේෂ තීන්දුවක් ගනී
ඝාතනය වු පොලිස් සැරයන්ගේ පවුලට ජනපති පිහිට වෙයි
ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්

ජෝ බයිඩන් මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති නමුත්, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි අසන විට ඔහු එය එසේ නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. මේ අතර පොලිටිකෝ වැනි වෙබ් අඩවි සඳහන් කරන්නේ 2020 වසරේදී ට්‍රම්ප්ව පැරදවීමට සුදුසුම අපේක්ෂකයා තමන් බව ඔහු තමන්ගේ සමීප මිතුරන් සමග පුද්ගලිකව පවසා ඇති බවයි.

ජෝ බයිඩන් ව අනාගත ජනාධිපතිවරයා ලෙස දැකීමට ඇමරිකානුවන් පෙළඹී සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයෙන් වර්ෂයක් සම්පූර්ණ වීමටත් පෙර වීම විශේෂත්වයකි. මෙහි යටි අරුත, ට්‍රම්ප් දෙවන වතාවට ජනපති ධුරයට පත් වේ යැයි කිසිදු අපේක්ෂාවක් දැනටමත් ඇමරිකානුවන් තුළ නොමැති බවද? ඩොනල්ඩ් ට්‍රප්ම් කිසිදු විවාදයකින් තොරව, එදා මෙදාතුර ඇමරිකානු ඉතිහාසයේ බිහිවූ අසාර්ථකම නායකයා ය. 

2016 වසරේ පැවති ජනාධිපතිවරණයට ද ජෝ බයිඩන් ඉදිරිපත් වීමට සූදානම් වූ නමුත්, ඔහු එයින් ඉවත්වූයේ ඔහුගේ ආදරණීය පුත්‍රයා වූ බීයු බයිඩන්, මොළයේ පිළිකාවක් හේතුවෙන් අකල් මරණයකට ගොදුරු වූ නිසා ය.

ජෝ බයිඩන් කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කැපී පෙනෙන චරිතයකි. ඔබාමා සමගම උප ජනපති ධුරයෙන් ඉවත් වී ගෙදර ගිය නමුත් ඔහු සක්‍රිය ලෙස දේශපාලන කටයුතුවලට මැදිහත් විය. මෙහිදී රට පුරා ජන රැළි ඇමතීම නොකඩවා සිදුකරන ජෝ බයිඩන්, ට්‍රම්ප්ගේ ජනතා විරෝධී ප්‍රතිපත්ති ද විවේචනය කිරීමට නොපසුබට වෙයි.
බයිඩන් ට්‍රම්ප්ගේ හැසිරීම විවේචන කිරීටම යොදන ජනප්‍රියතම යෙදුම ‘ෆෝනි නැෂනලිසම්’ (phony nationalism) හෙවත් ‘ව්‍යාජ ජාතිකත්වවාදය’ යි. එය ඇමරිකාවේ සමාජ වියමන/සමාජ නිර්මිතය  (social fabric) ට පීඩාකාරී බව ජෝ බයිඩන් පවසයි.

එසේම ජනාධිපතිවරණයේ ජනප්‍රිය ඡන්දයෙන් ජයගෙන, ඉලෙක්ට්‍රොලර් කොලෙජ් ක්‍රමය හේතුවෙන් පරාජය අත්වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ව ද අවශ්‍ය විටෙක විවේචනය කිරීමට බයිඩන් පසුබට නොවේ. පසුගිය මැයි මාසයේ ඔහු කියා සිටියේ හිලරි හොඳම ඩිමොක්‍රටික් තේරීම නොවන බව තමන් හැමවිටම විශ්වාස කළ බවයි.

එසේ වුවත් ඇයට නාමයෝජනා දිනා දෙන මාවතේ පෙර ගමන්කරුවෙකු වශයෙන් අවශ්‍ය දේ කරන්නට ද බයිඩන් පැකිළුණේ නැත. 

ජෝ බයිඩන් පම්පෝරිකාරයෙකු හෝ කට ඉස්සර කරගන්නෙකු නොවේ. දේශපාලන නිරීක්ෂකයන්ට අනුව ඔහු සුදුසුම අවස්ථාව පැමිණි විට සිය සැලසුම හෙළි කරනු ඇත.

කෙසේ නමුත් අද දිනයේ (ඉරිදා) විකාශය වීමට නියමිත ඕප්රා වින්ෆ්‍රි ටෝක් ෂෝ (Ophra Winfrey Talk Show) වැඩසටහනේදී ජෝ බයිඩන් මෙසේ කියනු ඔබට දැකගන්නට ලැබෙනු ඇත.

“ජනාධිපති නොවීම ගැන මගෙ හිතේ කණගාටුවක් තියෙනවා. මොකද මට ඒ සඳහා මට ඕනෑ තරම් අවස්ථා තිබෙනවා...”

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්
ඇමරිකාවේ ‘‘2020 බලාපොරොත්තුව‘‘ : ජෝ බයිඩන්
http://ift.tt/2AEuBL8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy