දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? - කාදිනල් හිමි
Homeප්‍රවෘත්ති

ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? - කාදිනල් හිමි

PropellerAds

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට විරෝ...

අධිකරණ ක්‍ෂේත්‍රයට ඇමරිකානු උදේශකවරුන්.. ඇමතිවරුන් නීතිපති ගෙදරට ගෙන්වා නඩු දාන්න උපදෙස් දෙයි..
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි !
එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට විරෝධය පළ කරමින් මීගමුව කටුවාපිටිය ප්‍රදේශවාසීහු ඊයේ (20) කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් ඇතුළු පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙසය. 

මෙම විරෝධතාවය අතරතුර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද එම ස්ථානයට පැමිණියේය. එහිදී එහිමියන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි. 

"මේකෙන් යම් ආකාරයකට රජය බයවෙලා කියලා සමහර දේවල් එළිකරන්න, ඒගොල්ලන්ට මොනවා හරි කරන්න අමාරු දේවල් නිසා මේක හංගනවා කියලා අපට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කොමිෂන් සභාවෙන්ම ඉදිරිපත් කරපු විදියටම හැම එකක්ම ප්‍රසිද්ධ කරන්න ඕනෙ. ඒකෙ එකකවත් හංගන්න බෑ, එකක්වත් තෝරන්න බෑ. අපට ඕනෙ මේ වාර්තාව හෙළිදරව් කරන්න. ඒ හැමදෙයක්ම එළිදරව් කරන්න ඕනෙ" 

ප්‍රශ්නය - මේකට සම්බන්ධ සාරා කියන තැනැත්තිය ඉන්දියාවට පළා ගියා කියනවා. ඒකට බයටද මේක හෙළිදරව් වෙන්න දෙන්නෙ නැත්තෙ ? 

"අපි දන්නෙ නෑ ඒවා ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා. ඒ නිසා මම කියන්නෙ ආණ්ඩුව මේ ලියවිල්ල එළිදරව් කරන්න ඕනෙ. මේක අපට බාරදෙන්න ඕනෙ. එතකොට අපට ඒ අනුව සුදුසු දේවල් කරනවා"

ප්‍රශ්නය - ඔබවහන්සේ හිතනවද මේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීම හරහා ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා ? 

"මම හිතන්නෙ නෑ එහෙම සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා. මොකද මේකෙන් මම දකින්නෙ යම් යම් කරුණු හංගන්න දරණ උත්සාහයක් හැටියටයි" 

ප්‍රශ්නය - මේකෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැත්නම් හිමිපාණෙනි මොකක්ද ඊළඟ පියවර ? 

"අපි කිව්වානෙ අපි ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා. ඒක අපි කරනවා" 

පසුව දේවස්ථානය තුළට පැමිණි කාදිනල් හිමියන් ප්‍රදේශවාසීන් වෙත මෙසේ අදහස් දැක්වීය. 

"මේක ජනතාවට එළිදරව් කරන්න ඕනෙ. මුද්‍රණය කරලා ඒක බෙදාහරින්න ඕනෙ. ඒක ලොකු දෙයක් නෙවෙයි ඕක බෙදාහරින එක, පළ කරන එක. 

අපි බලාපොරොත්තු වෙන්නෙ පිටකොන්ද තියෙන නායකයන්ව.  අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකයො, රටේ නායකයො පිටකොන්ද ඇතුව කටයුතු කරයි කියලා මේ කාරණයෙදි. අපට මෙතන මේ පොළවෙ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්නෙ නැතුව ඔළුව පාත්කරන්න සූදානම් නෑ ! 

රජය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැත්නම් අපි වෙනත් ක්‍රියාදාමයකට යන්න සූදානම් ඔබත් සමග. ඒ වගේම අපි ජාත්‍යන්තරව අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා, ඒ සංවිධාන හරහා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න කතා කරන්න අපි ඉදිරිපත් වෙනවා. 

මේ කොමිෂන් සභාවට තියෙනවා දඬුවම් කිරීමේ බලතලත්. ඉතිං ඒ දඩූවම් කිරීමේ බලතල පාවිච්චි කරලා, කොමිෂන් සභාව ඔවුන්ගේ වැඩකටයුත්ත දැන් යෝජනා කරා නම් නීතිපති දැන් ඒ කටයුතු කරන්න ඕනෙ. එතන රෙකමෙන්ඩ් කරලා තියෙන දේවල් රෙකමෙන්ඩ් කරලා තියෙන්නෙ ජනාධිපතිතුමාට නෙවෙයි, ඒක රෙකමෙන්ඩ් කරලා තියෙන්නෙ නීතිපතිතුමාට. නීතිපතිතුමා ඒ කටයුතු කරන්න ඕනෙ. නීතිපතිතුමා ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනෙ නෑ ඕක. 

උගත් විනිශ්චයකාරයෝ, උගත් මිනිස්සු පස්දෙනෙක්ගෙන් සැදුම් ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමදාරුව. ඒක දුන්නෙ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ඨ කරන්න විතරයි, ඒ වගේම නීතිපතිතුමාට ඒ කරුණු ඉෂ්ඨ කරන්න විතරයි ඒ කොමිෂන් සභාවෙන් යෝජනා කළේ. ඒ මිසක් ඕලෙවල් පාස් වෙච්ච නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනැයි ?" 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? - කාදිනල් හිමි
ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? - කාදිනල් හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiyQVqTxaIq2pcFiCcnAYVUOsbNvdyEHaVtLVPwJTkavNmMPdobwkJ6-oCaT1E82oJARkeCVX_Rol4SJ51lyOUrqhIMxGgbjORrUF5mCf88FeCJ1gy13D2s_ziWNc0YhjwksgoYq_2Rvw/s320/card.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiyQVqTxaIq2pcFiCcnAYVUOsbNvdyEHaVtLVPwJTkavNmMPdobwkJ6-oCaT1E82oJARkeCVX_Rol4SJ51lyOUrqhIMxGgbjORrUF5mCf88FeCJ1gy13D2s_ziWNc0YhjwksgoYq_2Rvw/s72-c/card.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_294.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_294.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy