දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
Homeප්‍රවෘත්ති

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

PropellerAds

ප්‍ර වීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ අද (06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු...

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන්..
පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි..
20ට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..
ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ අද (06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය. අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඇය අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම් හැදැරුවාය. 

පසුව සුදර්ශි ආයතනයේ නැටුම් ගුරුවරියක් ලෙස සේවය කළාය.
වයස අවුරුදු 17 දී විවාහ වූ ඇය වයස අවුරුදු 24 වන විට දරුවන් හතර දෙනෙකුගේ මවකවී සිටියාය. ඇය සිය සැමියා වන පියල් සමරසිංහව මුණගැසුණේ පාසල් අවධියේදීය. මෙම යුවළට දියණියන් තිදෙනෙක් සිටී - සුජීවා, දීප්ති, අවන්ති - සහ එක් පුතෙකු වන රුවන්ය. දීප්ති සහ අවන්ති නිවුන් දරුවන් ය.

 ඇගේ ස්වාමිපුරුෂයා වූ පියල් 1979 දී මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.
ඇය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ අලූත් දවසක් නම් වේදිකා නාට්‍යයෙනි. පසුව ඇයට රන් කන්ද, උමතුසන් වරුසාව, ඔතෙලෝ, සිවම්මා ධනපාල, ලෝරා සහ නවසිය අනු නවය වැනි වේදිකා නාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ලැබුණි.

ඇය වේදිකා නාට්‍ය 300 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර නාට්‍ය 10 ක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇත.

1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය.
 එම වසරේම ඇයගේ නිෂ්පාදනය වූ හිම කුරුල්ලෝ හොඳම නළුවා, නිළිය, තිර රචනය සහ නිෂ්පාදනය සඳහා වූ ගෝල්ඩන් ඩිසයින් සම්මාන උළෙලේදී සම්මාන හතරක් ලබා ගත්තාය.

ඇයගේ මංගල සිනමා අත්දැකීම ලැබුනේ 1973 දී අමරසේන කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද මිරිගුව චිත්‍රපටයෙනි. එතැන් පටන් ඇය පොඩි විජේ, අධිෂ්ඨානය, මඩොල් ධූව, විරාගය, යහලු යෙහෙලි සහ ආදර හසුන ඇතුළු ප්‍රකට සිනමා නිර්මාණ ගණනාවකට දායක විය.

ඇය රූපවාහිනී නාට්‍ය 500 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. ඉරට හඩන මල්, ඉර පායා, සන්නාලියනේ, නෑදෑයෝ, සිහින නිම්නය, සූර අසුර, දාමිනි ඒ අතර වේ. වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපෑ නිළිය ලෙසද ඇයට සම්මානයක් හිමි විය.

ඇයට උපහාර දැක්වීම සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරන ලද මියුරි සමරසිංහ රංගභිනන්දන ප්‍රසංගය 2015 ඔක්තෝබර් 4 වන දින මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්විණි. සිය නාට්‍ය දිවියේ 50 වන සංවත්සරය පසුකර යද්දී ඇය සිය ජීවිත කතාව ලියා පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කළාය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwxFtBybdIHqxpUF3mtTzBhO3nfJxkxxF2cBeTYefrFEHORDSZ3FwG34ZJAgyCVvw8GxRcWGiD7b77J3l3Ana5JIq3m8YgjJoC4iXj7XzbgJ_hp2zBS7uKfgsquPNxvGsVMpPJWkpoYJY/s320/miyuri-samarasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwxFtBybdIHqxpUF3mtTzBhO3nfJxkxxF2cBeTYefrFEHORDSZ3FwG34ZJAgyCVvw8GxRcWGiD7b77J3l3Ana5JIq3m8YgjJoC4iXj7XzbgJ_hp2zBS7uKfgsquPNxvGsVMpPJWkpoYJY/s72-c/miyuri-samarasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy