තමනට ද පාර්ලිමේන්තුවේ කමිසය ගලවා ගෙන සිටීමට අවසර ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය. ප...
තමනට ද පාර්ලිමේන්තුවේ කමිසය ගලවා ගෙන සිටීමට අවසර ලබා දිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ALM අතාවුල්ලා මහතා ඇද සිටි ඇඳුම සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇදුම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි එකක් යයිද ඔහු පැවසීය.
එම ඇඳුම ගැලපෙන්නෙ ඇෆ්ගනිස්ථාන හෝ පකිස්ථාන පාර්ලිමේන්තුවට බවද පෙන්වා දුන් ඔහු එවන් ඇදුම්වලට ඉඩ දෙන්නේ නම් තමනටද කමිසය ගලවාගෙන පාර්ලිමේන්තුවේ සිටීමට කතානායකගෙන් අවසර ඉල්ලා සිටියේය.
COMMENTS