දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ් පිලිතුරු දෙයි.. ගණන් හිලවු හෙලි කරයි
Homeප්‍රවෘත්ති

සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ් පිලිතුරු දෙයි.. ගණන් හිලවු හෙලි කරයි

PropellerAds

ම හාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයට ලිපියක් යවා එහි ධුරවලින් ඉල්ලා අස්...

ෆේස්බුක් එකේ අපිට ගහනවා.. විමල් එක්ක මේ ගමන යන්න බෑ - පොහොට්ටු ලේකම්
ගෝටාභය අන්දවා අයෙක් ජනාධිපති වෙන්න කුමන්ත‍්‍රණයක - කලාකරුවෝ මාධ්‍ය හමුවක
ඔය බංකොලොත් දේශපාලනයට අපි එන්නේ නැහැ - විමල්ගෙන් හිරුණිකාට පිළිතුරු
හාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයට ලිපියක් යවා එහි ධුරවලින් ඉල්ලා අස්වීම සහ ඔවුන් එල්ල කරන චෝදනා ගැන සංගීත ශාල්පීන් වන භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් ප‍්‍රතිචාර දක්වයි.

ඔවුන් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.

සර්, අපි දෙදෙනා මේ කේෂ්ත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිරමාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය.

අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.
සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය වල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්,

* • ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර , රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකග වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙවුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමි කරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කලේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන් වල ගීත ප්‍රති නිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්චා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.

* • මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීත වල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්‍රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා , මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ද නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.

* • ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්චාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්චා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.

* • සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සුදුවීමක්. එල්ලවෙන චෝදනා වලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.
* • එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.

* • කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුල අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.

* • අප කවදත් නිර්මාණාත්මක අයිතීන් වලට ගරුකරන එම අයිතීන් රැකගැනීමේ කාර්යට උරදෙන දෙපලක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලු විට, ගීත ප්‍රතිනිර්මාණ කතෘභාග (reproduction royalties) නොගෙවන කාල වකවානුවක වුවද, අප ආයතනය එම ගෙවීම් කර ඇති බව ඔබට පැහැදිලිවනු ඇත.

* • අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කලත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ඨ සේවය, කරපු නිර්මාණ වලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර , සිදුවුනදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි.

ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… එකේ වෙනසක් නෑ.

භාතිය-සන්තුෂ්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ් පිලිතුරු දෙයි.. ගණන් හිලවු හෙලි කරයි
සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ් පිලිතුරු දෙයි.. ගණන් හිලවු හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHykHFur_3T8O8p3HbunQggPPjz0EU6SSMrzyWsajVDV3-He5TYt8_ZxqTm-2h8NMCAfcQzlU5bxDmH2CGtcrWngn_v47ctqhGFc1LwiEboGejfIN7MDNVw5x4OWjhuNzbkgOBqoC65lw/s320/444545-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHykHFur_3T8O8p3HbunQggPPjz0EU6SSMrzyWsajVDV3-He5TYt8_ZxqTm-2h8NMCAfcQzlU5bxDmH2CGtcrWngn_v47ctqhGFc1LwiEboGejfIN7MDNVw5x4OWjhuNzbkgOBqoC65lw/s72-c/444545-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_177.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_177.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy