දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරුණා ‘LTTE සාමාජිකයන් සියල්ලන්ටම’ සමාව ඉල්ලයි
Homeප්‍රවෘත්ති

කරුණා ‘LTTE සාමාජිකයන් සියල්ලන්ටම’ සමාව ඉල්ලයි

PropellerAds

එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන...

වැලිකඩ තවත් කැරැල්ලක තොරතුරු හෙළිවේ – 2400ක් කැරැල්ලට සුදනම් කරන්න හදලා
ජනපතිගෙන් 20ට තවත් සංශෝධන 3ක්. එහෙත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි - විමල් වීරවංශ
20ට රිෂාද්ලාගේ සහය ගන්න එපා… ජාතික සංවිධාන කියන දේත් අහන්න – මන්ත්‍රී දොලවත්ත ජනපති-අගමැතිට ලියයි
එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරනවා.

ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිවරණ කාලයේදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු ලබාදුන් බවයි. ඒ මහතා මේ බව පැවසුවේ කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදීයි.

“දෙමළ දේශපාලන සිරකරුවන් සියලූ දෙනා අනිවාර්යෙන්ම නිදහස් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටිනවා. යුද්ධය අවසන් වු කාලයේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වටිනා තීරණයක් ගනු ලැබුවා. ඒ එල්ටීටීඊ සංවිධානයේ නායකයින් ඇතුළු සියලූ දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමයි. ඒ අනුව අප ඇතුළු විශාල එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් නිදහස් කරනු ලැබුවා.දැනට නිදහස් කිරීමට සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඔවුන්ද නිදහස් විය යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත ඉතා වේදනාකාරියි.

එම දේශපාලන සිරකරුවන් ඇත්තෙන්ම අයත් වන්නේ සාමාන්‍ය ජනතාව ගණයටයි. ඔවුන් සෘජුවම යුද්ධයට හෝ සම්බන්ධ වුවන් නොවෙයි. අප ඔවුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් පසු වෙනවා. අතුරුදන්වුවන්ගේ ගැටලූවටත් ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි. අතුරුදන්වුවන්ගේ ගැටලූවට ඔව් හෝ නැහැ යන පිළිතුර ලබාදිය යුත්තේ රජයයි. එවිට එම අතුරුදන්වුවන්ගේ ඥාතීන් හට ඉතිරි යුතුකම් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ලෝකය දැන් වෙනස් වෙලා තිබෙනවා. ඉස්සර අපගේ නායකයින් තනි රටක් ඉල්ලා සිටියාට වර්තමානයේ එවැනි ඉල්ලීම් වලංගු වන්නේ නැහැ. නමුත් දෙමළ ජනතාව වශයෙන් අප අපගේ ඉල්ලීම් අභිලාෂයන් ඉටු කර ගනිමින් නිදහස් ජනතාවක් වශයෙන් ජීවත් විය යුතුයි.

අප පක්ෂය එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහාත් ඉදිරිපත් වෙනවා. නමුත් තවම අප පක්ෂය තනිව ඉදිරිපත් වෙනවාද අනෙකුත් පක්ෂ හා එක්ව තරඟ කරනවාද කියා තීරණය කර නැහැ. දෙමළ ජාතික සන්ධානය සමග වුවත් අපි කතා කරන්න සුදානම්. දෙමළ ජාතික සන්ධානය අප විවේචනය කළා. ඒ ඔවුන්ගේ වැරදි පෙන්වාදීම සදහා පමණයි. දෙමළ ජාතික සන්ධානය පසුගිය ආණ්ඩුවට සහයෝගය ලබාදුන්නත් ජනතාව වෙනුවෙන් කිසිවක් අත් කරදීමට සමත් වුණෙ නැහැ. නමුත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගන්න සියලූ දෙමළ පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි කියා මම විශ්වාස කරනවා”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරුණා ‘LTTE සාමාජිකයන් සියල්ලන්ටම’ සමාව ඉල්ලයි
කරුණා ‘LTTE සාමාජිකයන් සියල්ලන්ටම’ සමාව ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8eEwFpXPrckjuzs_CHcnN9WtZ8tgMitDI_ZDGSA0EeZmsgeE9uE5y6F4NWv7JmeWkCfwrjoZY_hPj9LewfhRG3kM4c5qnoeNG6ZABYkiWUEOKFRT9f-vvWW5AnBjC48nMym-nlAXGZ0Y/s320/Karuna-Amman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8eEwFpXPrckjuzs_CHcnN9WtZ8tgMitDI_ZDGSA0EeZmsgeE9uE5y6F4NWv7JmeWkCfwrjoZY_hPj9LewfhRG3kM4c5qnoeNG6ZABYkiWUEOKFRT9f-vvWW5AnBjC48nMym-nlAXGZ0Y/s72-c/Karuna-Amman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy