20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා දැනට අධිකරණයට ඉදිරිපත් කෙරුණු සංශෝධනවලට අමතරව තවත් සංශෝධන තුනක් එක් කිරීමට ජනාධිපති ගෝ...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා දැනට අධිකරණයට ඉදිරිපත් කෙරුණු සංශෝධනවලට අමතරව තවත් සංශෝධන තුනක් එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
"අද අමාත්‍ය මණ්ඩලයේදී අතිගරු ජනාධිපති තුමන්ම යෝජනා කළා මහා සංඝරත්නය ඇතුළු විවිධ කොටස්වලින් ඉදිරිපත් වෙච්චි අදහස් සැලකිල්ලට අරගෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, දැනට අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන සංශෝධන වලට අතිරේකව විගණනය පිළිබඳ 19 වැනි සංශෝධනය තිබුණු ආකාරයටම තියන්නත්, ඒවගේම හදිසි පනත් ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණකට පමණක් සීමා කරන්නත් මීට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයටම ඒ කාරණයත් අන්තර්ගත කළ යුතුයි කියලා තීරණය කළා.
ඒ අනුව, ඒ ප්‍රගතිශීලී වෙනස්කම් 3 අමාත්‍ය මණ්ඩලයේදී ජනාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව තීරණය වුණා 20 වෙනි සංශෝධනයට ගෙන එන්න. ඔය තුන විතරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
කෙසේවෙතත් මේ අනුව ආණ්ඩුවේ ජාතිකවාදී පාර්ශ්වවල දැඩි ඉල්ලීම වී තිබුණු ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීම යන කොන්දේසියට ජනාධිපතිවරයා කිසිසේත්ම එකඟ වී නොමැති බව පෙනේ.

COMMENTS