දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාවික හමුදා නෞකාව – ඉන්දීය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගැටුම දුරදිග යන ලකුණු
Homeප්‍රවෘත්ති

නාවික හමුදා නෞකාව – ඉන්දීය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගැටුම දුරදිග යන ලකුණු

PropellerAds

ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක නෞකාවක් දෙසට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පැමිණ ගැටීම නිසා සිදුවූ අනතුර හිතාමතා කළ සාපරාධි ඝාතනයක් බව පවසමින...

IMF ණය ජය සමරා රතිඤ්ඤා දල්වති!
“ජනපතිගේ පාලනයට නතු වෙලා... එකඟ වෙන්න බැහැ” – පොහොට්ටු ලේකම් ජනපතිට ලියයි
පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!
ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක නෞකාවක් දෙසට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පැමිණ ගැටීම නිසා සිදුවූ අනතුර හිතාමතා කළ සාපරාධි ඝාතනයක් බව පවසමින් ලංකාවේ නාවිකයන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන ලෙස ඉන්දීය ධීවරයන් තමිල්නාඩු ආණ්ඩුවට බලකර තිබෙන වාතාවරණයක් තුළ ලංකාවේ නාවික යාත්‍රාවක ගැටීමෙන් ඉන්දීය ධීවරයන් තිදෙනකු හා ලාංකිකයකු මහ මුහුදේ ගිලී මියයාම සම්බන්ධව ඉන්දීය රජය ලංකා රජයට නිළ වශයෙන් අප්‍රසාදය පළකර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධව තමිල්නාඩු ධීවර සංගම් පවත්වන උද්ඝෝෂණ වලට දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ ද එක්වූ අතර ලංකා නාවික හමුදාව හෙලා දකිමින් දහස් සංඛ්‍යාත ඉන්දීය ධීවරයෝ මියගිය සිව්දෙනාගේ ඥාතීන් සමග එක්ව වෙරළබඩ රාමේශ්වරමේ හි උද්ඝෝෂණ පැවැත්වූහ.

අනතුරින් මිය ගිය ධීවරයන්ගේ සිරුරු මේ වනවිට යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර එම සිරුරු ආපසු ඉන්දියාවට භාර දෙන ලෙසත් ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ බලකරති. රාමේශ්වරම් ධීවර සංගමය විසින් ලබා දී ඇති තොරතුරු අනුව මියගොස් ඇත්තේ මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ය. සෑම් නේසපෙරුමාල් ලංකාවේ යුද සමයේ ඉන්දියාවට පළා ගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූ ලාංකිකයෙකි.

මේ අතර, යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නියෝජිතයකුගේ නිරීක්ෂණය යටතේ යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණ පරීක්ෂණ පවත්වන ලද බව නාවික හමුදාව පවසයි. ලංකාවේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් නොවන තමිල්නාඩු ධීවරයන් ඉල්ලා සිටින්නේ විශ්වාසනීය විමර්ශනයක් පැවැත්වීම සඳහා මළ සිරුරු තමිල්නාඩුවට ලබා ගත යුතු බවයි.

මේ අන්දමට තමිල්නාඩුවේ ධීවර සංගම්, ධීවර ජනයා මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් ගෙනයන විරෝධතා ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට පාදක විය හැකි තත්වයක් පැන නැගී ඇත. ඉන්දිය ධීවරයන් ලංකාවේ උතුරේ ධීවර සම්පත් කොල්ලකෑම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක් වන නමුත් මේ දක්වා ධීවරයන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම හෝ නඩු පැවරීම පමණක් සිදු විය.

ඉන්දිය ධීවරයන් නාවික හමුදා යාත්‍රාවක් හමුවේ අනතුරකින් මිය ගිය බවට වාර්තාවන පළමු අවස්ථාව ලෙස මෙය සැළකේ.

-lankaleadnews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාවික හමුදා නෞකාව – ඉන්දීය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගැටුම දුරදිග යන ලකුණු
නාවික හමුදා නෞකාව – ඉන්දීය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ගැටුම දුරදිග යන ලකුණු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMiPDfdvjQMtAlAqYmwROsqcw9ZcVOB8YTaqjwYijz1vOPgiV01RKm6A646Q8F7k6QvKGouQAqmgrRvIBai89hVjPYy78PwADUhSwk_RFvxwtIGEWt4tQIXbLfNCDD82im_WZBppnYDjo/s320/india.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMiPDfdvjQMtAlAqYmwROsqcw9ZcVOB8YTaqjwYijz1vOPgiV01RKm6A646Q8F7k6QvKGouQAqmgrRvIBai89hVjPYy78PwADUhSwk_RFvxwtIGEWt4tQIXbLfNCDD82im_WZBppnYDjo/s72-c/india.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_855.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_855.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy