දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උඩුවිල ධම්මසිරි හිමියන්ව ඝාතනය කරේ කෝටි ගානක සල්ලි ගන්න – හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

උඩුවිල ධම්මසිරි හිමියන්ව ඝාතනය කරේ කෝටි ගානක සල්ලි ගන්න – හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට

PropellerAds

කො ඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් සංවිධානාත්මක පිරිසක් විසින් ඝාතනය කර ඇත්තේ එම ආරණ්‍යයේ වැඩ විසූ කුඩා සාමණේර හිමිනමකට...

"ඔහෙලා හිතන්නෙපා මම UNPයට ආවා කියලා" - පිල් මාරු කළ විජිත්ගෙන් සැර කතාවක්
අදත් වැස්ස නෑ-සීතලයි
ක්‍රිකට් නිලවරණයට තිලංග තරග නොකරයි
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් සංවිධානාත්මක පිරිසක් විසින් ඝාතනය කර ඇත්තේ එම ආරණ්‍යයේ වැඩ විසූ කුඩා සාමණේර හිමිනමකට සිදුවූ අතවරවලට අදාළ වීඩියෝපට ප‍්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එම හිමියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ධම්මසිරි හිමියන් පැහැර ගත් සංවිධානාත්මක කණ්ඩායම මාකොල ප‍්‍රදේශයේ නිවසක රඳවාගෙන උන්වහන්සේට පහර දෙමින් අමානුෂික වධහිංසා පමුණුවමින් හිමියන් සතුව ඇති බව කියන රුපියල් කෝටි පහකට අධික මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එම පහරදීම්වලදී සහ ගෙල සිර කිරීමේදී ධම්මසිරි හිමියන් අපවත් වී ඇති අතර පසුව මෙම සංවිධානාත්මක කණ්ඩායම උන්වහන්සේගේ දේහය කොටදෙණියාව නාවාන සොහොන් පිටියට රැගෙන ගොස් පෙට‍්‍රල් දමා පුළුස්සා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ධම්මසිරි හිමිගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා ඇතුළු සිවුදෙනකු ඊයේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයත්, ජංගම දුරකථනයත් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන තිබිණි.

ධම්මසිරි හිමියන් පැහැරගත් අවස්ථාවේ උන්වහන්සේ සතුව තිබී රැගෙන ගිය බැංකු පොත් කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇති අතර එම බැංකු ගිණුම්වල රුපියල් පන්දහසකටත් අඩු මුදලක් තිබී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

ධම්මසිරි හිමියන්ගේ ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

පොලිසිය මේ වනතුරු සිදු කර ඇති විමර්ශනවලට අනුව ධම්මසිරි හිමියන් පැහැරගෙන යෑම සැලසුම් කර ඇත්තේ සාමණේර හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා විසින්ය.

මෙම සාමණේර හිමිනම වසර කීපයක් තිස්සේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසා ඇති අතර එහිදී තමන් විවිධ අතවරයන්ට ලක් වන බව එම හිමියන් තම මවට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් සමග නිතර නිතර ආරවුල් ඇති කරගෙන තිබිණි.

තම පුත‍්‍රයා වන සාමණේර හිමියන්ට අතවර කළ අවස්ථා දැක්වෙන වීඩියෝපට ඇතැයි ද ඒවා ප‍්‍රසිද්ධ කරන බව ද කියමින් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම හිමියන් පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය ද මිලදී ගෙන එය සාමණේර හිමිනමගේ මවට ලබාදී ඇත්තේ ධම්මසිරි හිමියන් දුන් මුදල්වලින් වන අතර එහි ලීසිං වාරික ගෙවා ඇත්තේ ද එම හිමියන් විසින්ය.

ධම්මසිරි හිමියන් අවස්ථා කීපයකදීම මෙම සාමණේර හිමිනමගේ මවට පවසා ඇත්තේ තමන් සතුව රුපියල් කෝටි පහකට අධික මුදලක් ඇති බවත්, ව්‍යාපාරයක් කරගෙන යෑමට ඒ මුදල්වලින් කොටසක් ලබාදිය හැකි බවත්ය.

සාමණේර හිමිනමගේ පියා බයිට් වර්ග නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර එය දියුණු කර ගැනීම සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදිය හැකි බව ද ධම්මසිරි හිමියන් සැකකාර කාන්තාවට පවසා තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එහෙත් ඉකුත් 03 වැනිදා රාති‍්‍ර 11.30 ට පමණ මෙම කාන්තාව ඇගේ අනියම් සැමියා ඇතුළු දසදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සමග ආරණ්‍ය සේනාසනයට කඩා වැදී විහාරාධිපති හිමියන් වූ ධම්මසිරි හිමියන්ට පහරදී පැහැරගෙන ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් එකවරම ලබා ගැනීමට බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එහෙත් සිය සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු ධම්මසිරි හිමියන්ගේ දේහය කොටදෙණියාව නාවාන සුසාන භූමියේ වළ දැමීමට මාකොල සිට රැගෙන ගොස් ඇත්තේ ති‍්‍රරෝද රථයක පටවාගෙන බව ද හෙළි වී ඇත.

දේහය සොහොන් පිටියේ වළ දැමීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වීම නිසා එය ඇඳ ඇතිරිල්ලක ඔතා දමා පෙට‍්‍රල් දමා පුළුස්සා ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු..


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උඩුවිල ධම්මසිරි හිමියන්ව ඝාතනය කරේ කෝටි ගානක සල්ලි ගන්න – හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට
උඩුවිල ධම්මසිරි හිමියන්ව ඝාතනය කරේ කෝටි ගානක සල්ලි ගන්න – හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8AMj0IW_moxJFswqkvDjmjFq1bATtOiNbBsBHHKhtLSYaVoxzzmut7plTp5h1VURgB0AFmh3mBeqCar2dvaYaZrrEvNtbOEGbxF8khAPInllUpk2szL8_XErFFMtodBwoc8MjTWhKqKg/s320/uduwila-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8AMj0IW_moxJFswqkvDjmjFq1bATtOiNbBsBHHKhtLSYaVoxzzmut7plTp5h1VURgB0AFmh3mBeqCar2dvaYaZrrEvNtbOEGbxF8khAPInllUpk2szL8_XErFFMtodBwoc8MjTWhKqKg/s72-c/uduwila-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy