දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි !
Homeප්‍රවෘත්ති

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි !

PropellerAds

ර ටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා...

විදුලි කප්පාදුවේ වෙනසක් - විදුලිය කැපෙන හැටි මෙන්න
ස්වාධීන කොමිෂන් සභා ගැන කථානායකගෙන් විශේෂ පැහැදිළි කිරීමක්
(Update) අල්ලස් කොමිසමේ ඩිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම භාරගනී
ටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අත්තනගල්ල ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“පළාත් සභා සංශෝධනය ගෙනල්ලා අවුරුදු ගානක් පළාත් සභා මැතිවරණය කල් ගිහිල්ලා තියෙන්නෙ. අපි පැහැදිළිව කියන්නේ පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ කියලා. රටේ ඉන්න මහජනතාව නියෝජනය කරන්නේ මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයෝ නැතිව පළාත් සභා පාලනය කරන්න බැහැ. ජනතාවගේ දුක, ප්‍රශ්න, ගැටලු කියන්න පුළුවන් මහජන නියෝජිතයින්ට. මහජන නියෝජිතයින් නැතිව නිලධාරීන්ට විතරක් මේක කරන්න බැහැ කියන එක තමා මගේ පෞද්ගලික මතය. නිලධාරීන් මහජනතාව සමග සම්බන්ධ වෙනවා අඩුයි. මහජන නියෝජිතයින් තමා ජනතාව සමග නිරතුරුව සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

පනහට පනහ යෝජනාව ගෙනල්ලා සම්පූර්ණයෙන් පළාත් සභා ක්‍රමය අවුල් කරලා තියෙන්නේ. ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වෙන පළවෙනි දිනයේදී මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව, සංශෝධනය ගැන, මැතිවරණ ක්‍රමයේ තියෙන අඩුපාඩු ගැන සාකච්ජා කරලා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න තමා අපේ බලාපොරොත්තුව.

අපි කවදාවත් මැතිවරණවලට බය වුනේ නැහැ. මැතිවරණවලට බයේ පැනලා ගිය ආණ්ඩුවක් නෙමේ. මැතිවරණ නියමිත වේලාවට තිබ්බා. මැතිවරණ කල් දැම්මේ යහ පාලන ආණ්ඩුව. ඒනිසා ඒකේ චෝදනාව එන්න ඕනේ ඒ අයට.

පැහැදිළිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා සමගාමී ලැයිස්තුවේ පළාත් සභාවට අදාළ විෂයන් තියෙනවා. පළාත් සභා යටතේ විශාල පාසල් ප්‍රමාණයක්, රෝහල් ප්‍රමාණයක් තියෙනවා. පළාත් සභා යටතේ විශාල කාර්යභාරයක් වෙනවා. මම පළාත් සභා නියෝජනය කරපු පළාත් අමාත්‍යවරයෙක් හැටියට දිස්ත්‍රික්ක 11 ක මාර්ග කිලෝ මීටර් 6,000 ක් හැදුවා. ඒනිසා මම දන්නවා පළාත් සභාවලින් ජනතාවට විශාල සේවාවක් වෙනවා කියලා. මේ පිළිබදව නිවැරදි අවබෝධයක් නැතිව ප්‍රකාශ නිකුත් කරන එක වැරදියි. අපි මේ ක්‍රමය තුළ වැඩ කරලා තියෙනවා, ජනතාවට සේවය කරලා තියෙනවා, රටේ සංවර්ධනයට දායක වෙලා තියෙනවා. එම නිසා පළාත් සභා ක්‍රමය පැවතිය යුතුයි යන ස්ථාවරයේ සිටිනවා” යැයි කීය.

– midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි !
පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8MYrrdfWsErRj640dg_U9DRNEIdzUXRpliGyvbG2OtB94-CZyrwPomOvdr7b4G6FAdKVfDEOPcnRkx4o8KdSsGh09UBu1rC6GybEdlX72-65qWOaPBy-vZs88BnlokrYQ2jGMdzuWhlk/s320/lanza.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8MYrrdfWsErRj640dg_U9DRNEIdzUXRpliGyvbG2OtB94-CZyrwPomOvdr7b4G6FAdKVfDEOPcnRkx4o8KdSsGh09UBu1rC6GybEdlX72-65qWOaPBy-vZs88BnlokrYQ2jGMdzuWhlk/s72-c/lanza.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy