දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ - ඇමති රෝහිත
Homeප්‍රවෘත්ති

අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ - ඇමති රෝහිත

PropellerAds

බ ත්තරමුල්ල වොටර් එජ් හෝටල් පරිශ්‍රයේ දි පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කලේය. ...

මිනිස්සුන්ට කන්න නෑ! මිනිස්සු පෝලිම්වල! අනේ කෝ අර බන්දු සමරසිංහ! වසන්ති චතුරාණි! අනූෂා දමයන්ති! කුසුම් රේණු එන්නකෝ එළියට! (VIDEO)
බැසිල් ඉවත් විය යුතුයි.. මිනිස්සු හෙන ඉල්ලනවා..- කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමි
විනාශකාරී යුද නැවක් ත්‍රිකුණාමලයට එයි!
ත්තරමුල්ල වොටර් එජ් හෝටල් පරිශ්‍රයේ දි පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කලේය.

අපේ රටේ කොවිඩ් තත්ත්වයට රජයක් වශයෙන් අපි මුහුණ දෙනවා. විශේෂයෙන් පහුගිය දින සහ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකුටද කොවිඩ් රෝගය වැලදිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දිය අගමැතිතමා සහා චින අග්‍රමාත්‍යතුමාට පෞද්ගලිකව ලිපි දෙකක් යවලා එන්නත ලබා දෙන්න කියලා. සෞඛ්‍ය ඇමතිනි සමඟ මෙම එන්නත ඉක්මණට අපේ රටට ගේන්න සහ ගබඩා කිරීමට කතා කරනවා. ඒ එන්නත ලබා දෙන කොට උෂ්ණත්වය ගැන වැඩි අවබොධයක් තියෙන්න ඕන. ඒ පිළිබඳව අපි හොඳින් සොයා බලා කටයුතු කරනවා. විශේෂයෙන්ම යම් යම් රටවල සිග්‍රයෙන් කොවිඩ් තත්ත්වය පැතිරි යනවා. නමුත් අපි රජයක් වශයෙන් කොවිඩ් වසංගත තත්වය නිසා අපිට අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.

පසුගිය 2020 අවුරුද්දෙත් මේ ගෙවුණු වර්ෂයත් මේ ආරම්භ කර වර්ෂයත් මේ කොවිඩ් තත්වයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට විපක්ෂයේ එක් එක් යෝජනාවන් පාර්ලිමේන්තුවේ පිටත හා ඇතුලත අපිට එනවා. විපක්ෂයෙන් එන්නත ගෙන්න කියලා. එකවෙලාවකට කියනවා එන්නත ගේන්න එපා කියලා. එක වෙලාවකට කියනවා ගුවන්තොටුපල අරින්න කියලා. ආපහු කියනවා වහන්න කියලා. අනික් අතට කියනවා සංචාරක ව්‍යාපාරය ලියලන අය කියනවා රැකියාවක් කරන්න නැ කියලා. කොවිඩ් පාලනය කිරීමේදි යම් යම් ග්‍රාම වසම් වහන්න වෙනවා. විපක්ෂයෙන් කියන්නේ මේ රට වහලා ඔවුන්ගේ දේශපාලන වටපිටාව හදාගන්න හදනවා. අපේ ජනතාව ආරක්ෂා කරමින් ඉදිරියට ජිවත්වෙන්න ඕන. අපි සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතුව කරන්න ඕන.

යාපන විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නය ගැන කියන කොට පහුගිය ත්‍රස්තවාදය කාලය තුළ ඒ මියගිය අය සිහි කරමින් ස්මාරකයක් ගොඩනැගිමයි. 2009 මැයි මාසයේ 19 තුළ ත්‍රස්තවාදය සහමුලින් මේ රටින් අතුගා දැමිම. හමුදාව සහ පොලිය සහ ජනතාවගේ සහයෝගයෙන් මේ 30 අවුරුද්දක ත්‍රස්තවාදය නැති කර නිදහස ලබා ගත්තා. 2018 තමා මේ ස්මාරකය ගොඩනගන්නේ. මේ ස්මාරකය ගොඩනගන්න පසුගිය ආණ්ඩුව කරේ මොකක්ද? නැවත් ත්‍රස්තවාදයට හිස ඔසවන්න පහුගිය ආණ්ඩුව කලේ කුමක්ද? මේකේ ප්‍රතිඵලය තමා අද බුක්ති විදින්න වෙන්න වෙන්නේ.ඊයේ මාධ්‍යවල කියනවා දේශපාලනඥයෝ කියනවා පොලිසිය මැදිහත් වෙන්න එපා කියලා. රටේ නිතිය හා සාමය කොහෙද තියෙන්නේ. රටේ නිතිය හා සාමාය ආරක්ෂා කරන්න තමා පොලිසිය ඉන්නේ. එක පැත්තකින් කියනවා එක රටක් එක නිතියක් ක්‍රියාත්මක කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වේ එක රටක් එක නිතියක් ක්‍රියාත්මක කරනවා කියලා. එක පැත්තකට හොද වෙන්නයි තව එකකට හොඳ නොවෙන්නයි. එක තමා අද බලා පොරොත්තු වෙන්නේ. යම් විදියකය මේ විශ්ව විද්‍යාල දරුවන්ගේ ඔලුවට හරියට යම් දේශපාලන කල්ලියක් තමන්ගේ අනාගතය වෙනුවෙන් රටේ මිනිසුන් දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව බෙදා වෙන්කර දැක්වීම උවමනානම් මේව තමා පාවිච්චි කරන්නේ යම් දේශපාන කොට්ඨාශයක්. එක දේශපාලන කොට්ඨාශයකට අද ජනතාවගෙන් ඉවත් වෙන්න වෙලා තියෙනවා.

අද TNA එකට යාපනයේ ස්ථාවර භාවයක් නැ. දකුණේ JVP ස්ථාවරභාවයක් නැ.දෙගොල්ලන්ට දේශපාලන ස්ථාවර භාවයක් නැ. එක්කො මේ ගොල්ලෝ ගන්නවා ජාතිවාදය ගන්නවා නැත්තනම් වෙන මොකක්හරි ගන්නවා. 2009 මැයි මාසයේ 19 උතුරේ එක රතිඥ්ඥ් කරක් පත්තු වුනේ නැ.ඒ පත්තු නොවෙච්ච රතිඥ්ඥ කරල පත්තු කරන්න හදන්නේ. විශ්ව විද්‍යාල දරුවන්ට කියන්නේ මෙවැනි තත්වයට ඇතිවෙන්න එපා. නිතිය කාටත් එකයි. විශ්ව විද්‍යාල නිතිය යාපනයට කියලා එකක් නැ. . හැම විශ්ව විද්‍යාල කටයුතු එකවිදියකටයි කරන්නේ. අපි රජයක් හැටියට එක නිතියක් එක රටක් ඇතුලත වැඩ කරන රජයක් බව බොහෝම පැහැදිලිව කියනවා. ඊයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙච්ඡ ආණ්ඩුවක් දැක්කනම් එක තමයි කියලා. 2015 / 2019 යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා. ලොකු අමාත්‍යාංශයක වැඩ කරන කාලයේ නිතිය අවනිතිය කර ගත්ත හැටි. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර හැටි. ගෞරවනිය ස්වාමින් වහන්සේලා 67 නමක් හිරේ යවපු හැටි. ප්‍රධාන මාර්ගවල පිකටින් කර හැටි. ඒ අයට සැලකුවේ කොහොමද. එලව එලව ගැහුව්වා. හිරේ දැම්මා. දේශපාලන මතයට විරුද්ධව කටයුතු කර අයව හිරේ දැම්මා.අපි එහෙම කරේ නැ. අපිට ඕන රට ඉදිරියට ගෙන යන්නයි.

– තිලක් තේනුවර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ - ඇමති රෝහිත
අපට කොරෝනා සමග අරගල කරමින් ජිවත් වෙන්න වෙනවා.. වෙන කරන්න දෙයක් නෑ - ඇමති රෝහිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQ1M4zXjpI6FZMHwJ5SUKWS44DpWM9CifqHLpk16peDvBdP_5Li8chx-wWNqQZDF91-Rq9eBpCxFqOhxuK-3ysDBfu_Oijr68Rt6W9d4-KFje8nsUEj6vNyctv289VLYV6RQ4s7HoKAq4/s320/rohitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQ1M4zXjpI6FZMHwJ5SUKWS44DpWM9CifqHLpk16peDvBdP_5Li8chx-wWNqQZDF91-Rq9eBpCxFqOhxuK-3ysDBfu_Oijr68Rt6W9d4-KFje8nsUEj6vNyctv289VLYV6RQ4s7HoKAq4/s72-c/rohitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_306.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_306.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy