දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු

PropellerAds

‘ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ. එදා යහපාලන ඇමතිවරු මන්ත්‍රීවරු පොලීසියට, අධිකරණයට බලපෑම් කරලා විපක්ෂයේ අය හිරේ...

එකම පාර්ලිමේන්තු වාරයේ කැටගොඩ දෙවැනි පාරටත් දිවුරයි
“අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය” ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයා සමඟ බේරා ගන්න - ඥානසාර හිමි
ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා - පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ
‘ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ. එදා යහපාලන ඇමතිවරු මන්ත්‍රීවරු පොලීසියට, අධිකරණයට බලපෑම් කරලා විපක්ෂයේ අය හිරේ දැම්මා. මේවා එදා ඔය කියන මානව හිමිකම් කොමසාරිස්ලා දැක්කේ නැහැ’ යයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම නිසා යහපාලන ආණ්ඩුව විසින් සම්මත කර තිබූ ස්වාධීන කොම්ෂන් සභා අකර්මණ්‍ය වන බවටත් වර්තමාන රජය විසින් රාජ්‍ය පරිපාලනය සඳහා හමුදා නිලධාරීන් යෙදවීම පිළිබඳවත් යුද අපරාධ චෝදනා ලැබූවන්ට තනතුරු ලබාදීම යන චෝදනා පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

මේක අලුත් දෙයක් නෙවෙයි. යුද විරුවන්ට අගෞරව කලේ යහපාලන ආණ්ඩුවයි. දේශපාලනීකරණයට ලක් කළ කොමිෂන් සභා නිර්මාණය කළේ පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒවා වැරදි නිසා තමයි 69 ලක්ෂයක් ඡන්දේ දීලා කිව්වේ මේක වෙනස් කරන්න කියලා. J.R. හදපු ව්‍යවස්ථාවෙන් 2/3 බලයක් ගන්න බෑ කිව්වා. නමුත් මේ රටේ ජනතාව ඒ බලය ලබලා දුන්නා. ලෝකයේ වෙනත් රටවලට අපේ රට පාලනය කරන්න ඉඩ දෙන්න බැහැ. අන්න ඒ නිසා තමයි අපේ රටේ ජනතාව අපට ඡන්දෙ දුන්නේ. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. මේ කතා කරන්නේ කවුද? මේ කාගේ ප්‍රතිපත්තිද කියන එක අපිට නොතේරෙන දෙයක් නෙවෙයි. අපි නිවැරැදි තීන්දු තීරණ ගන්න රජයක්. අපි ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරන රජයක්. ඒ නිසා අපි හැම විටම නිවැරදි තීන්දු තීරණ එක්ක තමයි ගමන් කරන්නේ. හමුදා නිලධාරීන්ව නොයෙක් තැන් වලට යොමු කරලා තිබෙනවා. ඒවා ඉතාමත් හොඳ දේවල්. මේ කොවිඩ් ප්‍රශ්නය තුළ අපි දැක්කා හමුදාව, පොලීසිය, මේ ආරක්ෂක අංශ වල අය කොතරම් උපකාර කළා ද මේ රටට කියන එක. අපි දැක්කා යහපාලන ආණ්ඩුව බෝම්බ පත්තු කරන්න අන්තවාදීන්ට ඉඩදුන්න වෙලාවේ මේ රණවිරුවො අපිව රැක ගත්තු හැටි අපිට අමතක කරන්න බැහැ. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට තමයි මේ කොමසාරිස්වරිය උඩගෙඩි දෙන්නේ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ ගැන විවාදයක් නැහැ .ඕනම කෙනෙකුට ඒක තේරෙනවා. යහපාලන ආණ්ඩුවේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්. පහුගිය යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු නඩුකාරවරුන්ට බලපෑම් ඇති කලා. කෝ ඒ කොමිෂන් වලින් කිව්වද එක වැරදියි කියලා. CID අධ්‍යක්ෂකට කතා කරලා ක්‍රමානුකූලව නඩු දාන්ඩ ක්‍රියා කරද්දී ඔය කොමිසම් වල කොමසාරිස්වරියලා ඒවා වැරදියි කියල කිව්වෙ නැහැ. නඩු කාරයන්ට බලපෑම් කරන එක කොතරම් වැරදි ක්‍රියාවක්ද? නඩුකාරයෝ හොරු කිව්වා ඒක වැරදියි කියලා මේ කොමිෂන් කියලා තියෙනවද? ඒ නිසා අපි දන්නවා ගොනා හැරෙනකොට මොන පැලය ද කන්න හදන්න කියලා.

ජනතාව අමාරුවෙන් සිටින වෙලාවක මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන මාධ්‍යවේදියකු විසින් යොමුකර ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා….

මේ රට සංවර්ධනය විය යුතුයි. අගය කරන්න ඕනේ මේ Covid ප්‍රශ්න තියෙද්දී, ආර්ථික ප්‍රශ්න තියෙද්දී, මාර්ග හදනවා, විශ්ව විද්‍යාල වලට අලුතින් ගොඩනැගිලි දෙනවා, රාජ්‍ය පරිපාලනය වෙනසකම් කරගෙන යනවා. දැවැන්ත සංවර්ධනයක් වෙනවා. ඒකට ස්තුතියි කරන්න ඕනේ. එහෙම නැතුව ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවක මාර්ග හදනවා කියලා චෝදනා කරන එක නෙමෙයි කළ යුත්තේ. රටක් ගොඩනගන්න හදනකොට ඒ ගැන සතුටු වෙන්න ඕන. ආඩම්බර වෙන්න ඕන. Covid, Covid කියලා කාමර වලට දොරගුලු දාගෙන වහගන ඉන්න ආණ්ඩුවක් නෙමෙයි මේක. ජනාධිපතිතුමත් එහෙමයි, අගමැතිතුමාත් එහෙමයි, මේ රජයත් එහෙමයි මේවට මුහුණ දෙන්න ඕනේ. ඒක නිසා තමයි රජයේ ඇමතිවරු ගණනාවකට Covid හැදිලා තියෙන්නේ. අපි ජනතාවත් එක්ක ජීවත් වෙන්නේ. ජනතාවගේ ඕනෑ එපාකම් හොයල බලලා. යහපාලන ආණ්ඩුව තිබුණනම් දොරවල් වහගෙන කියයි කොවිඩ් හැදිලා තියෙන්නේ පාරවල් හදන්නත් බැහැ. බෝම්බයක් පිපිරුණොත් කොවිඩ් කියලා ඒ අය දොරවල් වහගෙන ඉදීවි. එහෙම ආණ්ඩුවක් නෙමෙයි අපි. මොන ප්‍රශ්න ආවත් රට සංවර්ධනය කරන එක අපි අතෑරලා නැහැ. ඒ ගැන ආඩම්බර විය යුතුයි. මම හිතනවා අපිට ඡන්දෙ දුන්න ජනතාව අඩම්බර වෙනවා කියලා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරන දිනය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා….

මීරිගම කුරුණෑගල කොටස තව සති කිහිපයකින් වැඩ අවසන් කිරිමට බලාපොරොත්තු වෙනවා. වැඩ අවසන් කළ වහාම එය විවෘත කරනවා. ඒකෙ තියෙන එකම ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂය හිටපු ඇමතිවරයකුට අයත් සමාගමකට කොන්ත්‍රාත් ලබා දීම නිසා තමයි වැඩ පමා වෙලා තියෙන්නේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු
ලෝකෙ වෙන රටවල් වලට ඕනි විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSpS_4WQOetuOql_8frNLbvVHmxCqrKSE8JX_yr_1_H8aDeYyIT0x_-o_-kWNPY5-x-PO_Rkqa4lD47WKIEioPPF-doRbzGx1pGulkTJmgfeBSffGv-3B6YjPARmtcFEJ-kIXjhU5EKoo/s320/jonston.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSpS_4WQOetuOql_8frNLbvVHmxCqrKSE8JX_yr_1_H8aDeYyIT0x_-o_-kWNPY5-x-PO_Rkqa4lD47WKIEioPPF-doRbzGx1pGulkTJmgfeBSffGv-3B6YjPARmtcFEJ-kIXjhU5EKoo/s72-c/jonston.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy