ව ත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙ...
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉදිරි සතියේදී රැස් වන බවද ඔහු පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂයේ මතය ඉන් අනතුරුව ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
ඇමතිවරයා වලස්මුල්ලේදී මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලදී.

COMMENTS