දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් කුමාර STF හිටපු ප්‍රධානි ලතීෆ් ඝාතනය කරන්න සැලසුම් කළ බවට හෙළි වෙයි
Homeප්‍රවෘත්ති

නාමල් කුමාර STF හිටපු ප්‍රධානි ලතීෆ් ඝාතනය කරන්න සැලසුම් කළ බවට හෙළි වෙයි

PropellerAds

හි ටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කලකට ඉහත මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මවමින් කරුණු අනාවරණය ක...

කබීර් තීන්දුව ගනී.. සජිත් වෙනුවෙන් බෙල්ල දෙයි.. ධුරයෙන් ඉල්ලා අස්වෙයි !
ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත
‘ඉවසුවා ඇති.. මා සමග එක්වන්න..’ සජිත්ගෙන් හදිසි නිවේදනයක්
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කලකට ඉහත මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මවමින් කරුණු අනාවරණය කළ නාමල් කුමාර නමැත්තා සිය මිතුරන් කිහිපදෙනකු සමඟ එක්ව එවකට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ කුමන්ත්‍රණයක් පෙරේදා (08දා) පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අනාවරණය විය.

එවකට ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඊයේ කොමිසම
ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේ මෙම සැලසුම හෙළිදරව් වූයේය.

ඊට අදාළව හුවමාරු වූ දුරකථන සංවාද හඬපටද පෙරේදා කොමිසම හමුවේ වාදනය වූයේය.

නාලක ද සිල්වා මහතා සහ නාමල් කුමාර අතර ඇති වූ දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන් කරුණු
විමසීම සඳහා ඔහු කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා. අදාළ දුරකථන සංවාදවල හඬපට කොමිෂන්
සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
නිලන්ත ජයවර්ධන මහතා විසිනි.

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාමල් කුමාර තොරතුරුකරුවකු ලෙස තමන් වෙත යොමු කර තිබූ
බවත් පසුව ඔහුගෙන් ලද තොරතුරු මත රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි ස්ථාන පිළිබඳව තොරතුරු
අනාවරණය කරගැනීමට හැකි වූ බවත් ඔහු පැවැසීය.

මේ අතර ඉන් එක් දුරකථන ඇමතුමක් අතරතුර නාමල් කුමාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා
පිළිබඳව නාලක ද සිල්වා මහතාගෙන් විමසයි. ලතීෆ් මහතා කෙබ¾දු පුද්ගලයකුද යන්න ඔහු විමසන අතර
පිළිතුරු වශයෙන් නාලක ද සිල්වා මහතා පවසන්නේ, ලතීෆ් මහතා මුස්ලිම් ජාවාරම්කරුවන් විසින් ජාවාරම්
කරන කුඩු වැටලීම් නොකරන බවයි. ඔහු (ලතීෆ්) මුස්ලිම් ව්‍යාපාරිකයන් සමඟ දිනපතා විනෝද සාද
පවත්වන බවත් නාලක ද සිල්වා මහතා නාමල් කුමාරට පවසයි.

එමෙන්ම තවත් එක් දුරකථන ඇමතුමක් අතරවාරයේ නාමල් කුමාර පවසන්නේ, තමන්ට සමීප මිතුරන්
කිහිපදෙනකු සමඟ ලතීෆ් මහතා පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. තම මිතුරන්ගේ අදහස වන්නේ ලතීෆ්
මහතා වෙඩි තබා ඝාතනය කිරීම සුදුසු බව යන්නත් ඔහු පවසයි. කෙසේ වෙතත් නාලක ද සිල්වා මහතා
එහිදී පවසන්නේ එවැනි දේ කිරීම පහත් ක්‍රියාවක් බවයි.

මේ අතර අදාළ දුරකථන ඇමතුම්වලින් එකක් අතරවාරයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජයවර්ධන
මහතාට ඉන්දියානු බුද්ධි අංශ මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වන බවට නාලක ද සිල්වා මහතා කරන
ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද කොමිෂන් සභාව ඔහුගෙන් විමසීය. තවද එම දුරකථන ඇමතුම් අතරවාරයේ
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ නිලධාරීන් අමිත් වීරසිංහ වැනි අය සමඟ සම්බන්ධතා පවත්වන
බවත්, මහනුවර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කෝලාහලයන්ට රාජ්‍ය බුද්ධි සේවය ද සම්බන්ධ බවට
සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙසද නාලක ද සිල්වා නාමල් කුමාරට උපදෙස් දෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවැසුවේ තමන් එවැනි කරුණු ඔහු සමඟ සාකච්ඡා
කළේ නාමල් කුමාර කෙබ¾දු පුද්ගලයකුද යන්න පරීක්ෂා කරගැනීම සඳහා බවයි. තොරතුරුකරුවකු ලෙස
පුද්ගලයකු තබාගැනීමේදී ඔවුන් සපයන තොරතුරු සැබෑ තොරතුරු ද, ඔවුන් එම තොරතුරු සපයන්නේ කුමන
අරමුණකින්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීම අනිවාර්යය බව ඔහු සඳහන් කළේය.

නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ නිසා තමන් විවිධ කරුණු සාකච්ඡා කර නාමල් කුමාර
කෙබදු පුද්ගලයෙකු ද යන්න පරීක්ෂා කිරීම සඳහා කටයුතු කළ බවයි. ඒ අනුව ඔහු පිළිබඳව විවිධ තොරතුරු
අනාවරණය කරගැනීමට හැකි වූ බවත් ඔහු පැවැසීය. මම කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවයට හෝ
එහි අධ්‍යක්ෂවරයාට එරෙහිව කටයුතු කළේ නෑ. ඒත් නාමල් කුමාර, ජයවර්ධන මහතා පිළිබඳව කතා
කරන වෙලාවට මමත් විවිධ කරුණු ඉදිරිපත් කළා නාමල් කුමාර කුමන ආකාරයේ පුද්ගලයෙක්ද කියලා
දැනගන්න, ඔහු සඳහන් කළේය.

එමෙන්ම නාමල් කුමාර සමඟ කටයුතු කිරීමේදී ඔහු පිළිබඳව පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු
හෙයින් ඔහු තවදුරටත් තොරතුරුකරුවකු ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාට
දැනුම්දීමට තමන් කටයුතු කළ බවත් සාක්ෂිකරු පැවැසීය.

එමෙන්ම ඔහු සතුව තිබූ දුරකථන සංවාදවලට අදාළ හඬපට ජයවර්ධන මහතා අතට පත් වූයේ කෙසේද
යන්න ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර නාලක ද සිල්වා මහතා සමඟ පැවැති විවිධ ගැටලු නිසා යම් යම් කරුණු සම්බන්ධයෙන් තොරතුරු
හුවමාරු කර ගැනීමේදී බාධා ඇති වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කොමිෂන් සභාව
හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

පිළිතුරු වශයෙන් නාලක ද සිල්වා මහතා සඳහන් කළේ, එවැනි කිසිදු අමනාපයක් තමන් සහ ඔහු අතර
නොතිබූ බවයි. “අපි විවිධ කරුණු සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගත්තා. එහෙම අමනාපයක් තිබුණු බව
මම නම් දන්නේ නැහැ” ඔහු පැවැසීය.

බුද්ධික සමරවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් කුමාර STF හිටපු ප්‍රධානි ලතීෆ් ඝාතනය කරන්න සැලසුම් කළ බවට හෙළි වෙයි
නාමල් කුමාර STF හිටපු ප්‍රධානි ලතීෆ් ඝාතනය කරන්න සැලසුම් කළ බවට හෙළි වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie3ca7FbQY2BICVkA9krcAuXvNzcjZzRGXhEL6LTbI1JSfjz2ppXkz_-NR0ADrbO7YuRKIIYPqJPzdqgDc0Fvs6x0DdI-A1SfjG5_wlal0iMXqhJWAR45b8Nw6CIHlTJMNXidOthT42ec/s320/namal-kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie3ca7FbQY2BICVkA9krcAuXvNzcjZzRGXhEL6LTbI1JSfjz2ppXkz_-NR0ADrbO7YuRKIIYPqJPzdqgDc0Fvs6x0DdI-A1SfjG5_wlal0iMXqhJWAR45b8Nw6CIHlTJMNXidOthT42ec/s72-c/namal-kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy