දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
prasanna ranatunga
Homeප්‍රවෘත්ති

prasanna ranatunga

PropellerAds

ය හපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය...

රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් - ගිෂාන්ත දසනායක - (video)
ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා - වජිර
මෙහෙම ගියොත් අපිට බැංකු කඩන්න වෙනවා.. කොරෝනා නොවෙයි කන්න බොන්න නෑ - නලින් පෙරේරා
හපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය සුපුරුදු පරිදි බොරු බිල්ලන් මවමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “ගම සමඟ පිළිසඳර- වැඩ සමග යලි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමු කල ප්‍රශ්න හා පිලිතුරු මෙසෙයි.

ප්‍රශ්නය – 26 වෙනිදාට ස්ථීර වශයෙන්ම ගුවන්තොටුපල විවෘත කෙරෙනවාද ?

උත්තරය – ඔව් සියල්ල සූදානම්. විශේෂ ගුවන්යානා ලංකාවට ගෙන්නන්න. පූර්ව සූදානමක් ඇතිව අපි කටයුතු කරගෙන යනවා. අපි සංචාරකයන්ට තමයි රට විවෘත කරන්නේ. මුලින්ම විශේෂ ගුවන්යානා ගෙනල්ලා ඊට පස්සේ වාණිජ ගුවන්යානා වලට ඉඩදෙනවා.

ප්‍රශ්නය – සංචාරකයන් නිරෝධායනය කරනවාද?

උත්තරය – සංචාරකයෝ ලංකාවට එන්න පැය 72කට කලින් පී.සී.ආර්. එකක් කරන්න ඕනෑ. ඊළඟට දවස් 5ත් 7ත් අතර කාලයේදී තව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කෙරෙනවා. මේවා කෙරෙන්නේ ඒ අයගේ වියදමෙන්.

ප්‍රශ්නය – නිරෝධායනය කටයුතු අවසන් වුණාම ඔවුන්ට රට තුල සංචාරය කල හැකි ද?

උත්තරය – පී.සී.ආර්. නෙගටිව් නම් ඒ අයට සංචාරය කරන්න පුළුවන් .අපි මුලින් හඳුනාගෙන ප්‍රකාශයට පත් කර තිබෙන සංචාරක කලාප වල. ඔවුන්ට ඒ සංචාරය කරන්න වෙන්නේ අප විසින් නියම කරනු ලබන වෙලාවක. ඒ වෙලාවට අපි ඒ ස්ථාන සංචාරකයන්ට පමණයි විවෘත කරන්නේ.

ප්‍රශ්නය – සංචාරක හෝටල් ලෑස්තිද?

උත්තරය – සංචාරක හෝටල් අපි හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්න. සංචාරකයන් එන හෝටල් අපි කලින් හඳුනාගන්නවා. ප්‍රදේශයේ PHI මහත්වරු ඇතුළු සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගන්නවා.

ප්‍රශ්නය – සාමාන්‍ය ජනතාවට ඒමේ හැකියාව කොහොමද?

උත්තරය – ඒ අයට එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. මෙච්චරකල් විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය ගන්න ඕන වුනත් දැන් ඒක නෑ. ඒ නිසා අවශ්‍ය අයට ලංකාවට එන්න බාධාවක් නෑ.

ප්‍රශ්නය – සංචාරකයෝ ආවොත් රටේ කොවිඩ් වැඩිවෙයි කියලා විපක්ෂය කියනවා.

උත්තරය – රට වැහුවයි කියලා කොවිඩ් පැතිරීම නතර වුනේ නෑනේ. සෞඛ්‍ය උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නේ. අපි දැන් කොවිඩ් එක්ක ජීවත් වෙන්න ඕන. රට වහලා ආර්ථිකය ගොඩගන්න බෑ. සංචාරක ක්ෂේත්‍රයට සෘජුව දායක වන මිලියන 2.5ක් විතර මේවෙනකොට ඉතාම දුක්ඛිත තත්වයට පත්වෙලා ඉන්නේ. මීට වඩා භයානක තත්වයේ තිබෙන රටවල් පවා රට විවෘත කරලා තිබෙනවා.

ප්‍රශ්නය – අවුරුද්දක් ගෙවිලත් රටට වෙච්ච වැඩක් නෑ කියලයි විපක්ෂය කියන්නේ ?

උත්තරය – විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි දැන් වැඩ පටන් අරන් තියෙන්නේ. විපක්ෂය හැමදාම කෙටි කාලයකට චූන් එකක්, ආතල් එකක් ගන්නවා. විපක්ෂය අවුරුදු හතරක් බලයේ ඉඳලත් මොනවද කලේ. විපක්ෂය විනාශ කරපු රට අපි යලිගොඩ නගමින් තිබෙනවා. ඒ අය රට විකුණුවා. අපේ ආණ්ඩුව කවදාවත් ජාතික සම්පත් විකුණන්නේ නෑ.

ප්‍රශ්නය – විපක්ෂය කියන්නේ ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක් ඔවුන් දිනනවා කියලයි.

උත්තරය – සිහින දැකීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා. අපි ඒ අයිතියට ගරු කරනවා.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: prasanna ranatunga
prasanna ranatunga
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijD31sX-e5LwuGDqbYMrTKFmoAxtE4Tkznow5ihKpBlVrk7o_RWxVhaso17wSM03ZNBdgVYUDStpbajiFwrrUqL9OqQOUqnb-RJb8qEcr8PPnmfSt01TkHAiBojopAvECJyisoMmsuTa8/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijD31sX-e5LwuGDqbYMrTKFmoAxtE4Tkznow5ihKpBlVrk7o_RWxVhaso17wSM03ZNBdgVYUDStpbajiFwrrUqL9OqQOUqnb-RJb8qEcr8PPnmfSt01TkHAiBojopAvECJyisoMmsuTa8/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/prasanna-ranatunga.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/prasanna-ranatunga.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy