නැ ගෙනහිර ජැටියද බටහිර ජැටියද යන්න නොව වැදගත් වන්නේ මෙරටට එන අයෝජනවලින් රටට අත්වන වාසිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ම...
නැගෙනහිර ජැටියද බටහිර ජැටියද යන්න නොව වැදගත් වන්නේ මෙරටට එන අයෝජනවලින් රටට අත්වන වාසිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
විදේශ අයෝජාන දෙස දේශපාලන කෝණයෙන් බැලීම නතර කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
අද ලෝකයේ රටවල් දියුණු වූයේ එම රටවල් විවෘතව තම රටවල ආර්ථිකය හැසිරීම ගැන තීන්දු ගන්නා නිසා බවද ඒ මහතා පැවසීය.
හැකිනම් ලංකාව වටේම වරායවල් දමා ඒවට ආයෝජකයන් කැඳවිය යුතු බවද ඔහු කියා සිටී.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS