දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?
Homeප්‍රවෘත්ති

එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?

PropellerAds

විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්‍රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැත...

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ අනඟ රැඟුම් වාර්තාව මේ සතියේ මහලේකම්වරියට!
රාජ්‍ය අමාත්‍යවරුන් ජනපතිගෙන් ලේකම්වරුන් ඉල්ලයි! වෙනම විෂය පථ ලබා ගැනීමටත් සාකච්ඡා!
OnMaxDT පිරමීඩ ඡාවාරම්කරුට අධිකරණයෙන් දඩුවම් දෙයි!
විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්‍රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැති කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවාව ඩුබායි රාජ්‍යයේ සිට හොර රහසේ මෙරටට කැඳවාගෙන පැමිණ, අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.

ලොව ප්‍රකට සන්නාම සහිත මත්පැන් බෝතල්වලට වර්ණ ගැන්වූ ජලය පුරවා ප්‍රති අපනයන කිරීම තුළින් බදු වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එතනෝල් ජයලත්ට එරෙහිව 2020 වසරේදී විමර්ශනයක් ක්‍රියාත්මක වුණු අතර ඔහු පොලිසිය සහ අධිකරණය මගහරිමින් රටින් පැනගොස් තිබිණි.

මෙසේ පැනගොස් සිටි එතනෝල් ජයලත්ව පසුගියදා ඩුබායි රාජ්‍යයේ පැවති එක්ස්පෝ ප්‍රදර්ශනය නැරඹීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් යළි මෙරටට කැඳවාගෙන පැමිණ ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා ඔහුව රටට ඇතුළු කරගෙන තිබේ.

එහිදී කිතුල්, පොල්, තල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ඔහුව බාරගෙන ඇති අතර අමාත්‍යවරයා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර, අධිකරණයට ඉදිරිපත් කර, ඉතාම ඉක්මනින් ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති, මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාට නියෝග කර තිබිණි.

ඒ අනුව ගුවන් තොටුපලේ CCTV දර්ශන ද සමග වාර්තාවක් මේ වනවිට ජනාධිපතිවරයාට ලැබී ඇති අතර මධුර විතානගේ සහ අරුන්දික ප්‍රනාන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නුදුරේදීම දැඩි තීරණයක් ගනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?
එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi59Qbcou4M3mjKQ2eB8cmNoHOnism-7m0seDQC4AjOjG9LKyPTmalC6gAni7wOqKzjXmIZ7LdQI6aiow9wVgnrwRKsnlWztpapywwq-AmHQNWhAcSlPohDQHt3w0C34CW4FE7cAX-fnDdp6QjYyDuLghmDIs9p4PN1pkqVNocSYaC9CYG2A0N0A0dGJA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi59Qbcou4M3mjKQ2eB8cmNoHOnism-7m0seDQC4AjOjG9LKyPTmalC6gAni7wOqKzjXmIZ7LdQI6aiow9wVgnrwRKsnlWztpapywwq-AmHQNWhAcSlPohDQHt3w0C34CW4FE7cAX-fnDdp6QjYyDuLghmDIs9p4PN1pkqVNocSYaC9CYG2A0N0A0dGJA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy