යහපාලන රජයෙන් තමන්ගේම කැබිනට් මණ්ඩලයේ සිටින ගජ මිතුරන්ට මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් මුදල් ලබා දුන්නා. හිටපු අමාත්‍යවරයකුට අයත් ඉදිකිර...
යහපාලන රජයෙන් තමන්ගේම කැබිනට් මණ්ඩලයේ සිටින ගජ මිතුරන්ට මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් මුදල් ලබා දුන්නා. හිටපු අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ කොටසක් ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නා. අපි ඔවුන්ව දේශපාලන පළිගැනීම්වලට ලක් කළේ නෑ. අපි එම සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කර මෙම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. නමුත් ඔවුන් දිගින් දිගටම ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කළා. ඔවුන්ට අයත් එම මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් නොකර අපිට මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතාව වෙනුවෙන් විවෘත කරන්න බැහැ. මේවා රටේ ජනතාවගේ මහජන මුදල්. අපි රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක්. එම සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීමට අප තීරණය කළා. මුදල් ලබාගත් පසු ඔවුන් කලේ දිගින් දිගටම එම මාර්ග කොටසේ ඉදිකිරීම් පමා කිරීමයි. අතිගරු ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡා කර මුදල් ලබාගත් පසුවත් හිතාමතා ඉදිකිරීම් කටයුතු පැහැර හරින හිටපු අමාත්‍යවරයාට මහතාට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කරලා. ඔවුන්ව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලින් ඉවත් කිරීමට අපි කටයුතු කළා. එම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට නියමිත දිනට වැඩ වැඩ අවසන් කළ සමාගමකට භාර දීමට අපි කටයුතු කළා. ලබන වසරේ මාර්තු මස අවසානයේදී මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අවසන් කර මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය විසින් ගත් වැරදි ක්‍රියා මාර්ග නිසා තමයි මෙම මාර්ගයේ සංවර්ධනය අඩාල වුණේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටස ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් පළමු කොන්ත්‍රාත්තුව තමයි කඩවත සිට මීරිගම දක්වා වූ කොටස. මෙම කොටසේ කොන්ත්‍රාත්තුව මාස තුනක් ඇතුළත අනුමත කළා. රටේ ආර්ථිකය වැටුනු නිසා පසුගිය රජයට මෙම අදියර සඳහා මුදල් යෙදවීමට නොහැකි වුණා. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මුලින් ලබාදිය යුතු සියයට පහලවේ මුදල් ප්‍රමාණය යහපාලන රජයට ලබා දීමට බැරි වුණා. අපේ රජය බලයට පත්වූ වහාම මෙම කොටස ඉදිකිරීමට අවශ්‍ය 15% අපි ලබා දුන්නා. වෙන ආණ්ඩුවක් බලයට පත් උනානම් ඔවුන් මුලින්ම කරන්නේ මෙහි අක්‍රමිකතා සොයලා, ඔවුන්ව අවලංගු කරන එකයි. නමුත් අපි මෙම මාර්ග කොටස කඩිනමින් ආරම්භ කිරීමට ඔවුනට මුදල් ලබා දුන්නා. නමුත් අද දින මෙම කඩවත සිට මීරිගම දක්වා කොටස නිරීක්ෂණයෙන් පසුව අපි තීරණය කලේ අපි ලබාදුන් මුදලට ප්‍රමාණවත් ඉදිකිරීම් කිරීමට ඉදිකිරීම් සමාගම අපොහොසත් වී ඇති බවයි. පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවුරුදු දෙකහමාරක් ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි .
මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
COMMENTS