පා ස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් නඩු අටක් ගොනු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර පෙරේදා (...
පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් නඩු අටක් ගොනු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර පෙරේදා (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, මීගමුවේ කටුවපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය,කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කිංග්ස්බරි හෝටලය,සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය,දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය සහ දෙමටගොඩ යන ස්ථානවල පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ අතර එම සිද්ධීන් අට වෙනුවෙන් මෙසේ වෙන් වෙන්ව නඩු පැවරේ.
මේ පිළිබඳ විමර්ශන කටයුතු අවසන්ව ඇතැයිද ඊට අදාළ ගොනු දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පැවැසූ ඇමැතිවරයා අද (07 වැනිදා) පොෟද්ගලිකවම නීතිපතිවරයා හමුවී තවත් විමර්ශන ගොනුවක් භාරදී අදාළ නඩු කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද කීවේය.
අද (07 වැනිදා) නීතිපතිවරයා වෙත භාර දෙන විමර්ශන ගොනුවේද සැකකරුවන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් වන බව කී ඇමැතිවරයා සැකකරුවන්, ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ මුදල් සැපයූ අය කවුරුන්ද යන්න හඳුනාගෙන සිටින බවද කීය.
මේ වන විටත් සැකකරුවෝ 257 ක් අත්අඩංගුවේ පසුවනවා. තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා. එමෙන්ම නඩු කටයුතු ආරම්භවූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට කරුණු හෙළිවිය හැකි යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
අජිත් අලහකෝන්

COMMENTS