කෑ ගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සඳහා සොයාගත් බව කියන ඖෂධය ගැන විශාල විශ්වාසයක් තිබුණද දැන් එම විශ්වාසය 100%කින් ම බිඳ වැටී ඇතැයි...
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සඳහා සොයාගත් බව කියන ඖෂධය ගැන විශාල විශ්වාසයක් තිබුණද දැන් එම විශ්වාසය 100%කින් ම බිඳ වැටී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. ඊයේ දිනයේ ජය ශ්‍රී මහා බෝධියේදී සිදුවූ සිදුවීම අනුව මෙම තත්වය ඇතිව තිබෙන බව ද උන්වහන්සේ කියා සිටියහ.
අදාළ ඖෂධය දේශීය දැනුම් මුල්කරගෙන සකස් කරන ලද්දක් යැයි මුලින් සිතුවද නමුත් එය කාලි අම්මාගේ බෙහෙතක් යයි කියූ ගමන්ම ඒ ගැන විස්වාසයක් නැති වූයේ යයිද උන්වහන්සේ පැවසූහ.
මේ රටේ කිසිම බුද්ධිමතෙකුට කාලි අම්මාගේ බෙහෙතක් පිළිගත නොහැකි බවද සෝභිත හිමියෝ කියා සිටියහ.
එතරම් දෙවිවරු සිටියේ නම් මේ රටට මෙතරම් විනාශයක් සිදුවුනේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමි වූ මෙම අදහස් පල කරන ලදී.

COMMENTS