දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය ...
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය මත ඔහු කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී ඇත.
එමෙන්ම පසුගියදා මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද ඔහු සහභාගී විය.
ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්නා ලද්දේ ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීමය.
ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සහ වලට සහභාගි වීමටද අවසර හිමිව තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.
COMMENTS