දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු !
Homeප්‍රවෘත්ති

කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු !

PropellerAds

‘කතෝලික විභාවනය’ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන් භූ...

මහාධිකරණ තීන්දුවලට එරෙහි ගාමිණී සෙනරත්ගේ අභියාචනය ඉල්ලා අස්කර ගනී
රේගු වර්ජනය නිසා අද පිටකොටුවේ කඩ වැසේ - ආහාර හිඟයක් ඇති වීමේ අවධානමක්
නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට
‘කතෝලික විභාවනය’ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන් භූමදානය කිරීම කතෝලික ජනතාවගේ අයිතිවාසිකමක් – කතෝලිකයන් ද අධිකරණයේ මුල සිට නඩු පවරා ඇත.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ලෝකේ කිසිදු රටක් නොකරන ආකාරයෙන් අනිවාර්යයෙන් ආදාහනයට (පුච්චා දැමීමට) එරෙහිව මූලිකව සටන් වැදුණේ මුස්ලිම් ජාතිකයින්ටත් පෙර කතෝලික අපය.

ඒ සඳහා නීතිය ඉදිරියේ අප කතෝලික විභාවනයේ සභාපති චිරන්ත අමරසිංහ හා තවත් කතෝලිකයෙකු වන ඕෂල හේරත් සටන් කරන්නේ ය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් ද ඇත (එක් පෙත්සමක් අමුණා ඇත).

ඉස්ලාමීය ජනතාවට එරෙහිව යන අන්තවාදී මතවාදයන් ගෙන යන පුද්ගලයන් හා මාධ්‍ය අවසානයේ දැන හෝ නොදැන පහර ගැසුවේ නොදිරන ශරීර හා මරණය පරාජය කර උත්තානය වූ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සිදුරු මතින් විශ්වාස නොමැති අයට විශ්වාස ගොඩ නගනා අප කතෝලික දහමට ය.

භුමදානය ලබා දීම සම්බන්ධයෙන් රජය නිල නිවේදනයක් හෝ අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට කරුණු දැක්වීමක් සිදු කරනා තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු වුන ද, ඒවා විශ්වාස කිරීමට අප පසුබට වේ.

කොවිඩ්-19 ආසාදිතව වී මිය ගිය පුද්ගලයන් මිලියනයකට ආසන්න පිරිසක් මේ වන විට ලොව පුරා භූමදානය කර ඇත. එවැනි පසුබිමක විද්‍යාත්මක සාක්ෂි නොමැතිව ගොඩ නගනා සුරංගනා කතා විශ්වාස කිරීම මිථ්‍යාදෘෂ්ටිකයාගේ වැඩක් මිස, බුද්ධිමත් අපගේ ක්‍රමවේදයක් නොවනු ඇත.

තමා විශ්වාසය කරන ආගමේ නිර්ණායකට වලට අනෙකුත් ආගම්වලට විශ්වාසය යටපත් කරන්නට උත්සහ කරනා ඇතැම් පුද්ගලයන් ආදාහනය අනිවාර්යයෙන් කරන්න ඕනෑ, ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ඇති බවට යැයි කියමින් මෙරට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කල ද, එසේ නම් එම සාක්ෂි ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා තහවුරු කර ගෙන, කොවිඩ්-19 ආසාදිත මරණ භූමදානය ලෝක සෞඛ්‍යට තර්ජනයක් බවට ඔප්පු කර, භූමදානය කෙරූ ඒ මිලියනකට ආසන්න සියලු සිරුරු නැවත ගොඩ ගෙන ආදාහනය කල යුතුය. එසේ නොකර ශ්‍රී ලංකාවේ පමණක් මෙලෙස නාඩගමක් නැටීමට යෑමෙන් පැහැදිලි වන්නේ ඔවුන් අන්තවාදීන් බවය.

මෙම කාරණාවේ දී අප මවිතයට පත් කරන කාරණාව වන්නේ, ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන කොවිඩ්-19 ආසාදිතයින්ගේ මල පහ ආදිය තම නිවසේ දී දින ගණනාවක් වැසිකිළි වලවල් හරහා භූගත ජලයට මුසු වීම ගැටලුවක් කර නොගත් පුද්ගලයන්, මිය ගිය දේහයක් හරහා සුසාන භූමියේ සීමාවන් තුල භූගත ජලයට සිදුවන බලපෑම ගැටලුවක් කර ගැනීමයි. ඉන්ද ඔප්පු වන්නේ මේ ආදාහනය අනිවාර්යය කිරීම පසුපස ඇති අන්තවාදි කාරණාව බවට අපි විශ්වාස කරමු.

එමෙන්ම ලෝකයේ වසරකට නව වෛරස හා අනු-වෛරස විශාල ප්‍රමාණයක් සොයා ගන්නා අතර, ඉන් කීපයක් ආසාදනය වීමෙන් ඇති වන සංකූලතා මත මිනිසුන් විශාල පිරිසක් මිය යයි. ශ්‍රී ලංකාවේ මෙම භූගත ජල කාරණාව සත්‍යයක් නම් කිසිදු දේහයක් භූමදානය කිරීම ගැටලුවක් වනු ඇත.

කතෝලික මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කතෝලික රදගුරුවරුන්ගේ වගකීමක් පමණක් නොව, සියලුම කතෝලිකයන්ගේ වගකීමක් බට මින් අප පෙන්වා දෙන්නෙමු. කතෝලික සභා නීතිය අනුව කතෝලික සභාවේ කිසිදු පූජකයෙක් හෝ රදගුරුතුමෙකුට ඒ ඒ පුද්ගලයන්ගේ විශ්වාසයට පටහැණිව කතෝලිකයන් බලහත්කාරයෙන් ආදාහනය කිරීම සාධාරණය කල නොහැක (අන්තවාදයට/දේශපාලනයට නැටවෙන අය මින් අදහස් නොවේ).

මෙම කාරණාවෙ දී අන්තවාදය පතුරවන පුද්ගලයන්ට මාධ්‍ය ආවරණය ලබා දෙන මේරට ප්‍රධාන මාධ්‍ය ආයතන, අන්තවාදි දේශපාලනයට යටත් නොවී සත්‍ය ඉදිරිපත් කරනා අප සංවිධානයට මාධ්‍ය ආවරණය ලබා නොදිම ද අපි හෙළා දකිමු.

“එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.” – ශුද්ධ වූ බයිබලය, රෝම 6:4

“මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.” – ශුද්ධ වූ බයිබලය, ධර්මදේශකයා 6:3

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු !
කොරෝනාවෙන් මිය යන කතෝලිකයන්ගේ දේහයන්ද භූමදානයට ඉල්ලයි.. ආදාහනය පාපයක්ලු.. අධිකරණයේ නඩු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB-18VGJAdIgbeZ_Z0Y15yH8oY2WHoT1VCHm2Hws2HcIeMr6cU73fEeTPEDEPzCbYUAaotZP3WeS2dwdA7HOmzghgASTDnlKhsEBSdXgdmQSp5c0itDtNb6muMAzvzYajpQCpsxMJKspU/s320/4457-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB-18VGJAdIgbeZ_Z0Y15yH8oY2WHoT1VCHm2Hws2HcIeMr6cU73fEeTPEDEPzCbYUAaotZP3WeS2dwdA7HOmzghgASTDnlKhsEBSdXgdmQSp5c0itDtNb6muMAzvzYajpQCpsxMJKspU/s72-c/4457-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_194.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_194.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy