රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වෙයි. රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ ස...
රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.
රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ සතියක කාලයක් ගත වී ඇතත් මේ දක්වාත් තම ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිෂ්කාෂණ කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බව ද රේගු නිලධාරීන් සඳහන් කළේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවන ලෙස බල කරමින් පසුගිය 30 වන දින සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේය.
කෙසේවෙතත් අද (05) දිනය තුළ මෙම ගැටලුවට විසදුම් නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිණුවන්පිටිය මහතා සඳහන් කළේය.
මේ අතර අද දිනයේ පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් වසා දැමීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර තිබේ.
රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සඳහන් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී ආහාර හිගයක් ද ඇතිවිය හැකි බවයි.
මේ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමර්ගවලට එළඹීමට පියවර ගන්නා බව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව පවසයි.
COMMENTS