දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න' - මධුෂ්ගේ මාමා ඉල්ලයි
Homeප්‍රවෘත්ති

'හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න' - මධුෂ්ගේ මාමා ඉල්ලයි

PropellerAds

  ම ධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ...

මගෙ ලග තිබිලා පොලිසිය ඇල්ලුවේ ජයසූරියගේ චිත‍්‍රපටියක් - රන්ජන්
අගමැති ඉඩමක් බදු දීමෙන් ජනපති අමාරුවේ වැටෙයි !
රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි
 
ධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි. පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.

පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මහරගම, පමුණුව පාරෙන් හැරී යන සුභසාධක මාවතේ පිහිටි ඔහුගේ වත්මන් බිරිඳගේ නිවසේ තැන්පත් කර තිබිණි. 

එහිදී සුනිල් සමරසිංහ නමැත්තා ඊයේ (21දා) දින මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා, "අද මෙලෙස උඩුකුරුව සැතපී සිටින මධුෂ් කියන්නේ වසර නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කැරලි සමයේදී පොලිස් වෙඩි පහරකින් මියගිය කාන්තාවකගේ පුතෙක්. පියා දෙවැනි කසාදයක් කර ගත් පසු මාත් මගේ සොහොයුරියගෙත් රැකවරණය මත සාමාන්‍ය පෙළ විභාගය දක්වා උගත් තරුණයෙක්. ඔහු ව්‍යාපාරයක් කරගෙන නිහඬ දිවියක් ගත කරද්දී දිනක එකල මාතර ප්‍රාදේශීය දේශපාලකයෙකු වූ ඩැනි හිත්තැටිය මහතාගේ මස්සිනා කෙනෙකු සිය යතුරුපැදියේ ඉදිරිපස ටයරය මධුෂ්ගේ පය මතින් රැගෙන ගියා. එවිට මධුෂ් ඔහුගෙන් ඇසුවෙ "ඔහේගෙන් මට වරදක් වුණා. ඒකට සොරි කියන්නවත් ඔහේට මනුස්සකමක් නැතෙයිද" කියලා විතරයි. ඩැනී හිත්තැටිය ඒකට උත්තර දුන්නේ, ඒ වන තෙක් සාන්තුවරයෙකු වගේ හිටිය මධුෂ් සොයාගෙන ඇවිත් පහර දීමෙන්.

ඩුබායි රටෙහි සිට රහස් පොලීසියේ භාරයට පත් වූ මධුෂ් පුතා වසර එකහමාරක් ඔවුන් යටතේ හිටියා. ඔහු තමන් සමඟ දේශපාලන සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනා ගැන හෙළි කළේ "මත්ද්‍රව්‍යවලින් සහ පාතාලයෙන් තොර රටක් බිහිවනු දැකීමට මධුෂ්ටද ඕනෑකමක් තිබූ නිසයි. ඒත් ඒ හෙළි කිරීම මධුෂ්ගේ මරණය අබිරහස් ලෙස මෙසේ ඉක්මන් කළාදැයි මට සාධාරණ සැකයක් තිබෙනවා.

තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයක් කළ කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළා නම්, නොමග ගිය මධුෂ් පුනරුත්ථාපනය කරන්න රජයට යුතුකමක් තිබුණා.

 මගේ මධුෂ් පුතා නොමග ගියේ සිරගෙදරදී සහ දේශපාලකයන් ඇසුරු කිරීමෙන්. ඔහු හෙළි කළ දේශපාලන සම්බන්ධතා රටේ සියලුම මාධ්‍යය වෙත හෙළි කරන්න කියා මා පොලීසියට අභියෝග කරනවා." 
සිය මව මියගිය පසු කුඩා කල සිටම මධුෂ් හදාවඩා ගත් ඔහුගේ මවගේ සොයුරිය අමරාවතී සමරසිංහ මහත්මියද මෙහිදී සිය වේදනාව මාධ්‍ය වෙත පළ කර සිටියාය. 

එසේම මහරගම පොලීසියේ නිලධාරින් මධුෂ්ගේ දේහය එම නිවසට රැගෙන ඒමෙන් පසු විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි. මාකඳුරේ මධුෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (21දා) සවස මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකරනු ලැබිණි.

- අමිල සංකල්ප -


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න' - මධුෂ්ගේ මාමා ඉල්ලයි
'හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න' - මධුෂ්ගේ මාමා ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuXYrg9iCgBuN54bvj4FXDfbpprBzYJbumt1Ez7Zeb9broev2x3s0RLdttPb2NAi8PtS0yqZ4VBOBihHb94sEw5t9sQY6F8DsdwEsC3SgzxGWp9u6JJD57NhOx4OkZ5yFnLatmHseNckc/s320/madush-mama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuXYrg9iCgBuN54bvj4FXDfbpprBzYJbumt1Ez7Zeb9broev2x3s0RLdttPb2NAi8PtS0yqZ4VBOBihHb94sEw5t9sQY6F8DsdwEsC3SgzxGWp9u6JJD57NhOx4OkZ5yFnLatmHseNckc/s72-c/madush-mama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_331.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_331.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy