දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..
Homeප්‍රවෘත්ති

බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..

PropellerAds

බ්‍රැන්ඩික්ස් ආයතනය රජය බලයට ගෙන ඒම සදහා මුදල් වියදම් කල නිසා රජයේ සහයෝගය එම ආයතනයට ලැබි ඇති බවත් , එම ආයතනයට ඉන්දියාවෙන් ඕනැම වේලාවක මිනි...

දින කිහිපයකට අවශ්‍ය දෑ එක්රැස් කර ගන්න.. ඕනෑම මොහොතක ලොක්ඩවුන් - හමුදාපති දැනුම් දේ !
ජනපති හමුව සාර්ථකයි: චීන ආරක්ෂක ඇමැති කියයි
එජාපයේ බාලගිරි අවසන් : රනිල් මන්ත්‍රී ධූරය බාරගන්නා දිනය නියම කරයි
බ්‍රැන්ඩික්ස් ආයතනය රජය බලයට ගෙන ඒම සදහා මුදල් වියදම් කල නිසා රජයේ සහයෝගය එම ආයතනයට ලැබි ඇති බවත් , එම ආයතනයට ඉන්දියාවෙන් ඕනැම වේලාවක මිනිස්සු ගෙන එමේ බලය ලැබි ඇති බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා හැටන් නගරයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් එ බැව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රට තුල බරපතල සෞඛ්‍යය ගැටළුවක් මතු වෙලා තියෙනවා, ලෝකයටම මේ කොරොනා වෛසරය පැතිරෙමින් තිබෙනවා.

ලංකාවෙත් දෙවනි වටයේ රැල්ලක් මතුවෙමින් පවතිනවා. බොහෝ ස්ථානවලින් රෝගින් මතු වෙමින් පවතිනවා.

මේ අවස්තාවේ රටක් විදිහට නායකයෝ  සමාජය කටයුතු කලේ කෙසේදැයි ගැටළුවක් තියෙනවා.

වර්තමාන රජය ගැටළු වලදි මුහුණ දිමට අනුගමනය කරන්නේ චීන මොඩලය.

පණිවිඩකරුවා දඩයම් කිරිම, යම් කිසි තොරතුරක් ගෙනාපු පණිවඩිකරුව දඩයම් කිරිම.

ජයරුවන් බණ්ඩාර විශේෂඥ වෛද්‍යවරයාව ඉවත් කරන්නේ කුමන පදනමකින්ද ?

කවුද ඉවත් කලේ ? සෞඛ්‍යය ඇමතිනියද ඉවත් කලේ?

මේ විශේෂඥ වෛද්‍යවරයා කොරොනා වෛසරය පිලිබදව යම් යම් කරුණු මතු කරමින් පැවතුණා.

දැන් ගැටළුවක් මතු වෙනවා තොරතුරු මතු කල නිසාද ඉවත් කලේ? මේක තමයි චින ක්‍රමය.

තොරතුරු වසන් කිරිම බරපතල වරදක්. එකෙන් වෙන්නේ රෝගින් වැඩි වෙන එක.

මේ රජය අනුගමනය කරන්නේ එවැනි වැඩ පිලිවෙලක්.

පසුගිය කාලයේ පි සි ආර් පරික්ෂණ කරපු ගාණ කිව්වේ නැ. රෝගින් පිලිබදව තොරතුරු රටට කිව්වේ නැ.

ආණ්ඩුව චැම්පියන්ලා වෙන්න ගියා. ආණ්ඩුව තමන්ට කිරුළු පලද ගත්තා.

මේ වැනි රෝගයක් මර්ධනය කරන්න බැ තුවක්කු අතට දිලා , මිනිස්සු උසාවිගත කරලා , සිරගත කරලා. මිලිටරි යාන්ත්‍රය පෙන්නලා මේ රෝගය මර්ධනය කරන්න බැ.

මෙවැනි රෝගයක් මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව දැනුවත් කරලා.

මේ ආණ්ඩුව පසු ගිය කාලයේම සිදු කලේ තොරතුරු යටපත් කරපු එක ඒක නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.

රට තුල මෙවැනි තත්ත්වයක් තියෙන කොට රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට එනවා.

මොකද්ද මේ මේ හදිස්සියේ චින රාජ්‍යය තාන්ත්‍රිකයන්ට රටට කඩා පනින්න තියෙන උවමනාව?

රාජ්‍යය තාන්ත්‍රිකයෝ අවට පස්සේ එ අයව නිරෝධානය කරන්න බැ.

බරපතල සැකයක් තියෙනවා චින ජාතික රාජ්‍යය තාන්ත්‍රිකයන් රටට ආවේ ඇයි කියන එක.

මේ හදන්නේ දෙවනි වටයෙන් ලංකාව චිනයට උකස් තියන්නද?

හදිසි පනත් ගෙන්න සුදානමින් ඉන්නේ, ආණ්ඩුව ව්‍යවස්ථා වෙනස් කරන්න සුදානමින් ඉන්නේ .

20 ගෙන්නේ පැය 48 න් ඕනි පනත් දලා සම්මත කර ගන්න. මේ රාජ්‍යය තාන්ත්‍රිකයන් එන්නේ එවට උපදෙස් දෙන්නද?

අපි ආණ්ඩුවෙන් අහනවා ලංකාව චිනයේ කොලනියක් කරලද තියෙන්නේ?

චින ජාතිකයන්ට එන්න පුළුවන් ඕනි වෙලාවක හැබැයි ලංකාවේ මිනිස්සුන්ට එන්න බැ.

ලංකාවේ ඉදන් මැදපෙරදිග රටවල් වලට ගිහින් ලංකාවට එන්න බැරුව හිර වෙලා ඉන්නවා මිනිස්සු , එහෙම තියෙද්දි චින ජාතිකයන්ට ඕනි ඕනි වෙලාවට මේ රටට රිංගන්න.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ අයිතිකරු සහ ආණ්ඩුව අතර තියෙන සම්බන්ධතාවය අපි දන්නවා.

කොච්චර ආණ්ඩුවට උදව් කරලා තියෙනවද, ආණ්ඩුවට බලයට එන්න මුදල් වියදම් කරපු විදිහ එහෙම රටතුල කතා වෙනවා.

එ නිසා ඒ අයතනයට ඕනි වෙලාවට ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්න හැකි වෙලා තියෙන්නේ?

චිනයට මෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයට පුළුවන් වෙලා තියෙනවා ඕනි ඕනි වෙලාවට රාජ්‍යය තාන්ත්‍රිකයින් , සේවකයින් මේ රටට ගෙන්න.

මේ පුදුම නිතියක්නේ රටේ.

ලංකාවේ මනුස්සයෙකුට එන්න බැ කොම්පැණි වලට පුළුවන් ආණ්ඩුවට උදව් කරපු නිසාද?

දේශපාලන රැකවරණය තියෙන්න ඕනි නැත්තම් මෙහෙම රටට එන්න බැ.

මේ කොරොනා දෙවනි රැල්ල ගැන හොයද්දි අන්තිමට නතර වෙන්නේ එතනින්.

සේවක සේවිකාවන් කියනවනේ එ ආයතනයේ නිලධාරින් කටයුතු කරලා තියෙන විදිහ ගැන.

පැනඩොල් පෙත්තක් දිලා මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන තියෙනවා.

මේ ආණ්ඩුව සෞඛ්‍යය නිති රිති පිලිබදව ගැසට් එක එලියට දැම්මේ නැ.

එහෙම නිතියක් තිබුණා නම් මහජන සෞඛයය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍යය නිලධාරින්ට මේ ගැන හොයන්න තිබුණා.

ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ.

එකට අවශ්‍යය නිති රිති හදන්න ඕනි. සෞඛ්‍යය බලධාරින්ට බලය දෙන්න ඕනි.

ඇයි එහෙම කලේ නැත්තේ ?එක් තමයි මේ ආණ්ඩුවේ නව ලිබරල් චින්තනය.

ආණ්ඩුවට ඕනි මෙකෙන් ජනතාව ආරක්ෂා කරන්න, ආණ්ඩුවට ඕනි කෙහොම හරි ආයෝජකයෝ ගෙන්නලා, කොම්පැණි කාරයන්ට අවශ්‍යය පහසුකම් දිලා, සේවකයින්ව මරාගෙන කලා හරි ඒ ඕඩර් එක යවන්න. ලාභේ හොයන්න.

කොරොනා වෛරසය එක්ක පරණ ලෝකේ ඉවරයි, නව ලිබරල්වාදය ආසාර්ථකයි කියලා මුළු ලෝකයම පිලිගෙන තියෙන්නේ. විකල්ප හොයමින් ඉන්නේ.

මේ ආණ්ඩුව තාම එ වලිගයේ එල්ලිලා ඉන්නේ. ඒක නිසා තමයි සෞඛ්‍යය නිති ගැසට් එක එලියට එන්නේ නැත්තේ.

ගැසට් එක ආවනම් ආයෝජකයෝ පාලනය වෙනවා, ඒකට මේ අය බයයි.

ඒක තිබුණානම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැ.

ආණ්ඩුව වගකියන්න ඕනි මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිලිබදව.

ආණ්ඩුවෙන් වහාම සෞඛ්‍යය නිති රිති ඇතුලත් ගැසට් එක ඉදිරිපත් කරනන් ඕනි , අදාල බලධාරින්ට බලය දෙන්න ඕනි. රටේ ජනතාවට තොරතුරු දෙන්න.

මේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ජනතාව බිල්ලට දෙනවා. ඇදිරි නිතිය කඩ කලා තියලා මිනිස්සු සිර කරනවා.

එදාවෙල හම්බ කරන් කන මිනිස්සු පාරට යන්නේ නැතුව වෙන කොහේටද යන්නේ.

පසුගිය මාස තුනේ අපි දැක්කනේ ආණ්ඩුව වැඩ කරපු විදිහ. ජනතාවගේ පැත්තෙන් හිතන්න යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..
බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා.. එනිසා ඔවුන්ට කැමති වෙලාන ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වා ගත හැකියි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsqp8mL05iqN8VIcwqKPEPE8p53vGknEDuDQF8iUh2CigYOu-H7U97w0NQy099NPVS9TqyhW_xLLomuk25KWy5V6Duq5tAzO3n7mFeVu_eb5moFUZVecTj9qXPfUgxCJJ9EBIwqiFasEk/s320/chamiras.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsqp8mL05iqN8VIcwqKPEPE8p53vGknEDuDQF8iUh2CigYOu-H7U97w0NQy099NPVS9TqyhW_xLLomuk25KWy5V6Duq5tAzO3n7mFeVu_eb5moFUZVecTj9qXPfUgxCJJ9EBIwqiFasEk/s72-c/chamiras.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_285.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_285.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy