ජා තික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය සහ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නම...
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය සහ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසි ඒකකය හමුවට කැඳවාගෙන එනු ලැබුවා.
ඒ, ඔහුගෙන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොමිෂන් සභාවෙන් ලද උපදෙස්වලට අනුවයි.
නව්ෆර් මව්ලවිගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.
පසුගිය ජූලි 28 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේ, ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ ‘නව්ෆර් මවුලවි’ බවයි.

COMMENTS