වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පැන ගොස් සිටියදී මන්නාරම් දුම්රිය ස්ථානය අසලදී ඊයේ (12) දින සො...
පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් ඊයේ දින උදෑසන පැන ගොස් සිටි අතර එම පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසලදී ඊයේ සවස වන විටදී සොයාගැනීම හේතුවෙන් කොරෝණා අවධානම නිසා සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජ හරණය කිරීමට පියවර ගත් බවටද මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.
වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් මෙසේ පැන ගොස් තිබුනේ කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම පුද්ගලයා වැඩි දුර පරික්ෂණ කටයුුතු සඳහා කොළඹට රැගෙන ගිය බවටද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS