ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව වටිනා රජයේ ඉඩම් ජාත්‍යන්තර ...
"ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා මහමැතිවරණයත් ලොකු ජයග්‍රහණයක් ලබලා අද වනවිට අපට පෙනෙන ආකාරයට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා ජනතාවට කරනවයි කියපු දේවල් ඉටු කරනවා තියා ඒවා ආරම්භ කරන්නවත් පිරිසිදු පියවරයක් ඉදිරියට තියලා තියෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධව.
ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් වර්ථමාන රජයේ ප්‍රධානීන් බොහොම ඉහළින් කතා කළා පරිසර සංරක්ෂණය ගැන. අද අක්කර සිය ගණන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා. ලොකුවට ආණ්ඩුව වෙනුවන් කතා කරපු පරිසරවේදීන් අද මොකද කියන්නෙ ?
මැතිවරණවලදි කතා කළේ පරිසරය ආරක්ෂා කරනවැයි කියලා. වනගහණය වර්ධනය කරවනවයි කිව්වා. කැලෑ කපපු යුගයට තිත තබනවයි කිව්වා. විල්පත්තු විනාශයේ ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කරනවයි කිව්වා. එහෙව් කතා කරපු වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් අද සැලසුම් කරනවා මේ රටේ වටිනා බිම් ජාත්‍යන්තර බහුජාතික සමාගම්වලට තුට්ටු දෙකට බෙදලා දෙන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.
COMMENTS