දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සවුදි තානාපති කාර්යාලය තමයි මේ රටේ වහබ්වාදය ඇති කළේ - ඥානසාර හිමි පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි
Homeප්‍රවෘත්ති

සවුදි තානාපති කාර්යාලය තමයි මේ රටේ වහබ්වාදය ඇති කළේ - ඥානසාර හිමි පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි

PropellerAds

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදී බලය ස්ථාපනය වූයේ සවුදි තානාපති කාර්යාලය මෙරට ස්ථාපිත කිරිමෙන් පසුව බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊ...

මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ?
කන්දකාඩු තවත් 196කට කොරෝනා.. දිනකදී වැඩිම කොරෝනා වාර්තාවක් - (video)
මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ?
ශ්‍රී ලංකාව තුළ වහබ්වාදී බලය ස්ථාපනය වූයේ සවුදි තානාපති කාර්යාලය මෙරට ස්ථාපිත කිරිමෙන් පසුව බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ (10) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ  සාක්ෂි දෙමින් පැවසූහ. 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුස්ලිම් සංවිධාන නියෝජනය කරමින් එම නීතිඥවරුගේ හරස් ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමිනි. ඒ අනුව ඊයේ දින ඥානසාර හිමියන් තෙවන දිනටත් හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්හ. 

මෙරට වහබ්වාදයේ ප්‍රධාන මතධාරී කණ්ඩායම් හතරක් ජමියතුල් උලමා සංවිධානය නියෝජනය කරන බවත් හලාල් සංකල්පය මුස්ලිම්වරුන්ට විශේෂ වුවද ඒ හරහා දත් බුරුසුවටත් හලාල් ලාංඡනය යොදාගනිමින් කොහේවත් සිටින උලමාවරුන් මෙරට බෙදීමත් ඇති කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. 

2007දී අලෙවිමවුලාන ආණ්ඩුකාරවරයාද වහබ්වාදී  වැඩපිළිවෙල ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසූ අතර  ඒ වේලාවේ මේ උලමා කොහේද හිටියේ යැයි ද උන්වහන්සේ කියසිටියහ. 

ජමියතුල් උලමා සංවිධානයේ බලය මෙරට සිටි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන සුෆිවරුන් අත තිබූ බවත් එම කාලයේ ගැටුම් සිදු වූයේ අවම වශයෙන් බවත් පැවැසූ ඥානසාර හිමියන් සඳහන් කළේ  උලමා සංවිධානයේ බලය වහබ්වාදීන් අතට පත් වීමෙන් පසුව අන්තවාදීන් වර්ධනය වීම ආරම්භ වූ බවයි. 

මෙහිදී ජමීයතුල් උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශනයක් නගමින් විමසුවේ ජමීයතුල් උලමා සංවිධානය සහ සූෆී මුස්ලිම්වරුන් විරැද්ධ ස්ථාවරයක් ගත් බව ස්වාමීන් වහන්සේ කි අතර  එය නිවැරැදිද යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ පැවසුවේ ''ඔව්,ජමීයතුල් උලමා සංවිධානය දීර්ඝ කාලයක් බලය තිබුණේ සාම්ප්‍රදායික මුස්ලිම් සූෆී වියතුන්ගේ අතේ. ඒ බලය ගිලිහිලා වර්තමාන උලමාවරු අතට පත්ව තිබෙනවා.ඒකයි අපි දන්න සත්‍යය.'' බවයි. 

''කාත්තන්කුඩියේ දැන් වෙන්නේ මොකක්ද කියා තව පැයකින් මට කියන්න පුළුවන්. රටට ආදරය කරන මුස්ලිම්වරු අපට තොරතුරු දෙනවා. සුනාමි කාලයේ විශාල ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාව නැති වුණා. ඒ අවස්ථාවේ සිංහල ප්‍රජාව ඔවුන්ට පිහිට වුණා. එහිදී ආහාරවල ඔවුන් හලාල් බැලුවේ නැහැ. අපිට එකට කාපු පිරිසක්. 2007 වෙනකන් උලමා කණ්ඩායමක් සිටිය බව දන්නේ නැහැ. හලාල් වගේ වැඩසටහන් ගෙනත් බෝම්බ අතහැරියාවගේ පාරිභෝගික භාණ්ඩවලට අතහැරියා. අපි එදාත් සාකච්ඡා කළාම අතහරිනවා කියලා මාස 3න් ඒ වැඩසටහන ක්‍රියාත්ම කළා. එදා මුස්ලිම්වරුන්ට මුදල් බෙදුවේ නැහැ. ශරියා බැංකු තිබුණේ නැහැ. මුස්ලිම් පල්ලියට ගිහින් කුරානය හදාරපු දරුවන්ට විවිධ පාට වර්ණ ගන්වලා මද්‍රසා ගොඩනගලා දරුවෝ සිරකරුවෝ කර තිබෙනවා. පල්ලි පල්ලි අතර සිද්ධි 15, 20ත් හරහා පුද්ගලයන් 20, 30ත් මැරිලා තිබෙනවා. නීති විද්‍යාලයේ ප්‍රශ්න ඇති වුණා. ශරීයා නීතිය ක්‍රියාත්මක කරලා උසාවිවලට පවා ගියා. අටළුගම සිද්ධිය සාමාජයේ බෙදුම්වාදයට ගෙන ගියා. මුස්ලිම් කාන්තාවෝ කාති තීන්දුවට එරෙහි වුණා. මේවාට සාම්ප්‍රදායික මවුලවිවරුන් මත පළකළා.. සාරි පොටෙන් මුහුණ වහපු කාන්තාව ගෝනි බිල්ලෝ බවට නිකාබය සහ බුර්කාව විසින් පත්කළා. බුදු පිළිම කැඩුවා. සෞදියට බුදු පිළිමයක් ගෙන යන්න බැහැ. අපි මේ ගැනයි අවධානය යොමු කළේ. මුස්ලිම් සමාජය එකට බැද තබන්නයි අපි මේ කළේ.''

යනුවෙන් නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස ඥානසාර හිමියන් වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළහ.

මේ අතර  හලාල් සංකල්පය මුස්ලිම්වරුන් විශේෂ වූ දෙයක් නේද? යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ස්වාමීන් වහන්සේ පැවසුවේ ''ඒක මුස්ලිම්වරුන්ගේ අයිතියක්. ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තිබෙන්නේ. දත් බුරුසුවට මොකටද හලාල්?'' යනුවෙනි. 

පාස්කු ප්‍රහාරයට පසු මුහුණ ආවරණය ඉවත් කරන ලෙස ජමියතුල් උලමා සංවිධානය දැනුම් දුන් බවද  නීතිඥවරයා පැවසුවේය

ඊට සාක්ෂි ලබා දෙමින් ඥානසාර හිමි  පැවසුවේ ''උලමා සංවිධානය කියන්නේ කවුද? මේ රටේ තිබෙන්නේ එක නීතියයි. ඒකට කවුරුත් යටයි. 2009 ඔය සංවිධානයම මුහුණු වහන්න කියා දැන්වූවා. මේ තියෙන්නේ ඒ ලේඛනය. වහන්නත් කියන්නේ ඒ අය ගලවන්න කියන්නේ ඒ අය. අපිටත් අයිතියක් තිබෙනවා අපි ඉදිරියෙන් ඉන්න අය හඳුනගන්න. ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග ගිහිල්ලා අසුදහක් විතර මුස්ලිම් වෙලා ඉන්නවා කියලා දැන ගන්න තිබෙනවා. ඒ අය බුරුකාවට හිර කළාම අපිට හොයා ගන්න බැහැ'' යනුවෙනි.  


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සවුදි තානාපති කාර්යාලය තමයි මේ රටේ වහබ්වාදය ඇති කළේ - ඥානසාර හිමි පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි
සවුදි තානාපති කාර්යාලය තමයි මේ රටේ වහබ්වාදය ඇති කළේ - ඥානසාර හිමි පාස්කු කොමිසමේ සාක්ෂි දෙමින් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQSNgiVa2_IV8nYOL79EtRl1zyjcWNEr6lS7OH7KRxglzOJ8zgeKal8nPng_kAhsRQQiFQ_b7BKOd8YwyhKLTGqr44ZCGOCIVB14QlpGsgS9UU0TH6UDEeT_R65lo1dT_sZzXrQTsNDgM/s320/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQSNgiVa2_IV8nYOL79EtRl1zyjcWNEr6lS7OH7KRxglzOJ8zgeKal8nPng_kAhsRQQiFQ_b7BKOd8YwyhKLTGqr44ZCGOCIVB14QlpGsgS9UU0TH6UDEeT_R65lo1dT_sZzXrQTsNDgM/s72-c/unnamed.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_134.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_134.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy