ව ත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශයින් භයානක බවත් එයින් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන බවත් හිටපු ජන...
වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශයින් භයානක බවත් එයින් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
"බණ්ඩාරනායක ප්‍රතිපත්ති කොහෙද තියෙන්නෙ කියලා මං දැන් හොයනවා. මගෙ හදවතේ නම් තියෙනවා. අපෙ හිතවත් පාක්ෂිකයින්ගෙ තියෙනවා. අනිත් තැන්වල නම් කොහෙද කියලා මං දැකලා නෑ"
ප්‍රශ්නය - ඉදිරියේදී ශ්‍රීලනිපයට මොකද වෙන්නෙ ?
පිළිතුර - "මම දන්නෙ නෑ. මාව ඒකෙන් තල්ලු කරලා තියෙන්නෙ. ඒකෙ ඉන්න අයගෙන් අහන්න වෙනවා"
ප්‍රශ්නය - ඔබතුමියව එහෙම තල්ලු කරන්න බෑනෙ, මේක ඔබතුමියලාගේ පක්ෂයනේ ?
පිළිතුර - "අපේ කියලා මං එහෙම බූදලයක් හැටියට ලියාගන්නෙ නෑ අනිත් අය වාගෙ. මමයි මගෙ මල්ලියි මගෙ පුතායි මගෙ මිනිහට හරි එහෙම දේශපාලනයක් අපි කරන්නෙ නෑනෙ. ඉතිං අපි කවදාවත් හිතන්නෙ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ කියලා. මම ගෙනල්ලා පොදු ජනතාවගේ නායකයෙක්ට දුන්නා. හැබැයි වැඩේ කාගත්තා. මට කරන්න දෙයක් නෑ. දුන්න නායකයා පක්ෂය සම්පූර්ණයෙන්ම කෑලි කෑලිවලට ඉරලා මඩේ දාලා පාගලා ඉවරයි"
ප්‍රශ්නය - ඔබතුමිය මේක ගොඩගන්න මොකුත් ගන්නෙ නැද්ද ක්‍රියාමාර්ගයක් ?
පිළිතුර - "දැන් ගොඩගන්නෙ මොක්කු එක්කද ? බණ්ඩාරනායක දර්ශනය අනුව ජනතා සේවය මිනිස්සුන්ට හොරකම් කරන්න බෑ, මිනීමරන්න බෑ, රජයේ මුදල් ජනතාවගේ මුදල් හොරකම් කරන්නත් බෑ. ඉතිං එහෙම නොකරන අය අද ශ්‍රීලනිපයේ ඉහළ මට්ටමේ කවුද කියලා මං හොයනවා, තාම හොයාගන්න බෑ"
ප්‍රශ්නය - මේ බලය ආයෙ එකතැනකට එන්න එනවා 20ත් එක්ක ?
පිළිතුර - "20 අති භයානකයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි" යනාදී වශයෙනුයි ඒ මහත්මිය පැවසුවේ.

COMMENTS