දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ ජනතාව බඩගින්නේ... ආණ්ඩුව 20ක එල්ලිලා... මාධ්‍ය හරහා නියෝග දෙනවා විතරයි, වැඩ නෑ - සජිත්
Homeප්‍රවෘත්ති

රටේ ජනතාව බඩගින්නේ... ආණ්ඩුව 20ක එල්ලිලා... මාධ්‍ය හරහා නියෝග දෙනවා විතරයි, වැඩ නෑ - සජිත්

PropellerAds

ඉ හළ යන භාණ්ඩ මිල හමුවේ රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියදී ආණ්ඩුව එය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට වෙහෙසෙන...

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය අදින් ඇරඹේ - බෞද්ධ ධජය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්
“කෙරවලපිටිය LNG ටෙන්ඩරයේ පාඩුව බැදුම්කරය වගේ එකොලොස් ගුණයක් විශාලයි”
"බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ" - අගමැති
හළ යන භාණ්ඩ මිල හමුවේ රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියදී ආණ්ඩුව එය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට වෙහෙසෙන බවත් බඩුමිල පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ නියෝග මාධ්‍ය ඔස්සේ නිකුත් කළත් ඒවා මහ පොළවේ ක්‍රියාත්මක කරවීමට ඔවුන් අසමත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"අද දවස පුරාවටම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසකට ගොස් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ආශිර්වාද ලබාගෙන මේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය සකස් කිරීමේ වැඩසටහන ආරම්භ කරලා මේ වනවිට ඉතාම සාර්ථක ඉලක්ක කරා යන්නට අපට හැකිවෙලා තිබෙනවා. මහ පොළවට පය ගහලා මේ දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම් සිසාරා යනවිට අපට අහන්නට ලැබෙන ප්‍රධානතම පැමිණිල්ල වන්නේ රටේ තිබෙන බඩුමිල ප්‍රශ්නය. ජනතාවට දරාගන්න බැරි ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඒවගේම ආහාර පානවල මිල අහස උසට ඉහළ ගිහිල්ලා තිබෙනවා. 

මේ තත්වය තුළ රටේ ජනතාව අසීමිත පීඩනයකට අසහනයකට ලක්වෙලා තිබෙනවා. කොරෝනාවෙන් සිදුවුණු ආර්ථික හානියට අමතරව බඩුමිල ඉහළ යාම නිසා තවදුරටත් ජනජීවිතය අසීරු තත්වයකට ඇදවැටීම තුළ ජනතාව අහනවා තමන් පත් කරගත්ත රජය රටේ ජනතාවට ලබාදෙන විසඳුම මොකද්ද කියලා. රටේ ජනතාව තීන්දු කළා අපිව විපක්ෂයේ තබන්න. විපක්ෂයේ අපි දැන් රජයෙන් අහනවා තමුන්නාන්සෙලා රජය බාරගත්තෙ රටේ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවයි කියලා, නමුත් මේ බඩුමිල ඉහළ යාමත් උද්ධමනය වැඩිවීමත් තුළ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. 

ඒ නිසා රටේ ප්‍රධානතම ගැටළුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම නෙවෙයි. එයිට වැඩිය වඩාත් ප්‍රමුඛතාවට ලබාදිය යුතු කාරණාව වන්නේ ජනතාවගේ දුක්ගින්නට බඩගින්නට විසඳුමක් ලබාදීම. බඩුමිල අඩු කරන්නට මේ රජයට හැකියාවක් නෑ. රජය ඉදිරිපත් කරන හැම නියෝගයක්ම මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නියෝග ප්‍රවෘත්තිවල පළ වෙනවා, මාධ්‍යවල ලොකූවට කියවෙනවා. නමුත් ඒ නියෝගවලින් නම් කෙරෙන මිලට මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොහේවත් ගන්නට නෑ. මොකද්ද අපට මේකෙන් තේරෙන්නෙ ? අපට තේරෙන එකම දේ තමයි රජය කුමන දේ ප්‍රකාශ කළත් එය ක්‍රියාවට නංවන්න රජය අපොහොසත් වෙලා කියන කාරණය. 

ඒ නිසා සමගි ජන බලවේගයේ අපි හැමවිටම රජය ජනතාව වෙත ලබාදුන්නු පොරොන්දු ඉෂ්ඨ කිරීමේ ඒ භාරදූර කර්තව්‍ය ඉටු කරන තාක් කල් අපි උකුසු ඇසෙන් බලාගෙන සිටිනවා රජයේ කතාවත් ක්‍රියාවත් අතර වෙනස. අපි මොනම ආකාරයකටවත් මේ රජයට ඉඩ තියන්නෙ නෑ බොරු බලාපොරොත්තු දීලා ජනතාවගේ ප්‍රශ්නවලින් පැන යන්නට. රටටත් ජනතාවටත් බොහොම පැහැදිලි පොරොන්දුවක් දුන්නා නම් බඩුමිල අඩු කරනවා, ජන ජීවිතය ශක්තිමත් කරනවා, රට සංවර්ධනය කරනවා කියලා ඒ වචනවල පරිසමාප්ති අර්ථයෙන්ම ඒ ඉලක්ක සම්පූර්ණ කරන තෙක් සමගි ජන බලවේගයේ අපි මේ රටේ පොදු ජනතාවත් සමඟ එකට හිටගෙන ජනතා අරගලයට ප්‍රජාතන්ත්‍රවාදීව සහයෝගය ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඒක තමයි අපේ අරමුණ, ඒක තමයි අපේ අභිප්‍රාය. අපේ ගමනත් මේ රටේ පොදුජනතාවගේ ගමනත් එක හා සමාන ගමනක්. සමාන්තර ගමනක්. අපි සිටින්නේ විපක්ෂයේ වගකිවයුතු මහජන නියෝජිතයින් හැටියට රජය ලබාදුන්නු ඒ මහජන භාරකාරත්වය ඒ මහජන පොරොන්දු මාලාව හරි ආකාරව ඉටු කරනවාද නැද්ද කියන කාරණාව විපරමට ලක් කරන්නටයි. ඒ පොරොන්දු ඉටු නොවන අවස්ථාවක් පාසා අපි රජය මජනතාවගේ පැත්තෙන් මහජන අධිකරණයට ගෙන එන්නට සූදානම් කියන එක මං කියන්න කැමතියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) දිනයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි සජබ යාන්ත්‍රණය පිහිටුවීමේ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ජනතාව බඩගින්නේ... ආණ්ඩුව 20ක එල්ලිලා... මාධ්‍ය හරහා නියෝග දෙනවා විතරයි, වැඩ නෑ - සජිත්
රටේ ජනතාව බඩගින්නේ... ආණ්ඩුව 20ක එල්ලිලා... මාධ්‍ය හරහා නියෝග දෙනවා විතරයි, වැඩ නෑ - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcfd0wmKdYgY5f8AzAkx18a9ZcN4hVyx7Ik61-82HArjwUwBzrvYp1VHNVzMn-HAXq9wabmlLXeIvbsTIG2YN9aLwftKOaEXHmxry-BxKhFVxgkDJaWY6ArKV-9T4ptGA36XtcU830V5M/s320/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcfd0wmKdYgY5f8AzAkx18a9ZcN4hVyx7Ik61-82HArjwUwBzrvYp1VHNVzMn-HAXq9wabmlLXeIvbsTIG2YN9aLwftKOaEXHmxry-BxKhFVxgkDJaWY6ArKV-9T4ptGA36XtcU830V5M/s72-c/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy