දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම්
Homeප්‍රවෘත්ති

තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම්

PropellerAds

හ න්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සං...

රනිල්ට අපි චැලෙන්ජ් කරනවා! පුලුවන්නම් පුංචි ජන්දය කල් දාලා පෙන්වන්න! ජවිපෙ කරපු ආරාධනාවටත් අපි එකඟයි! (VIDEO)
ණය පැහැර හරින්නට මට උපදෙස් දුන්නේ ලෝක පූජිත උපදේශකයින් – අලි සබ්‍රි
රනිල් එක්කත් මිනිස්සු ඉන්නවා නම් පොහොට්ටුව එක්කත් මිනිස්සු ඉන්නවා නම් ඉතින් දෙයියනේ එක එක ගේම් ගහන්නේ නැතිව ජන්දය තියන්නකෝ! චරිත ලොකු වැඩකට ලෑස්ති වෙයි! (VIDEO)
න්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

හන්තාන, උඩුවෙල, උඩගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ (වසම් අංකය-946) පිහිටි ජල පෝෂක කලාපයක් මෙලෙස එළි පෙහෙළි කරමින් පවතී.

මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදී ඇතැයි පැවසේ. හන්තාන කඳුවැටියේ අඩි 2500 ත් 3000 ත් අතර කලාපයේ මෙම ඉඩම පිහිටා තිබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය කියයි.

අදාළ ඉඩමේ මානා ආවරණය මේ දිනවල ඉවත් කරමින් පවතින අතර, ඉඩම කොටස් කර අලෙවි කිරීම සඳහා මෙලෙස එළිපෙහෙළි කරන බවද අනාවරණය වේ. එමෙන්ම මෙම ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ තුන බැගින් විකිණීමටද නියමිත බව ප්‍රදේශවාසීහු පවසති.

හන්තාන කඳු වැටියේ ප්‍රධාන ජල පෝෂක කලාපයක් වන මෙම ඉඩම පිහිටි භූමිය මෙලෙස එළි පෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් හන්තාන පහළ ප්‍රදේශයේ පදිංචි පවුල් 300කට පමණ ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සැක කෙරේ.

සංවර්ධනය කෙරෙන ඉඩම සහිත භූමිය අභ්‍යන්තරයේ හුණුගල් පාෂාණ සහිත බවද එළි පෙහෙළි කිරීම නිසා අධික වර්ෂා තත්ත්වයකදී නායයෑමේ අවදානම් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්‍යක්ෂ සෙනෙරත් විජේරත්න කියා සිටියේ මීට වසර දෙකකට පමණ පෙරදී ගාල්ල ප්‍රදේශයේ අයකුට නීත්‍යානුකූලව අදාළ ඉඩම ලබාදුන් බවයි.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ හන්තාන කලාපයේ යම් කටයුත්තක් සිදු කරන්නේ නම් හන්තාන පාරිසරික ආරක්ෂණ කමිටුවේ අවසරය ලබාගත යුතු බවය. මේ සම්බන්ධව නිලධාරීන් යොදවා වහා සොයා බැලීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම්
තවත් ඉඩම් පාළුවෙක් හන්තානේ අක්කර 20ක් කොටස් කර වෙන්දේසියට සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHQWCOjUXFtAIlpb5fNdRBmwGkYaMFy576mjSRYbS1s6njU9mAajFu9SgEfCvmbiqPHb5NHTr5Rmunl1to3uG9oLug4z8M0TkiC3C8_OgbMmrQQ6h4EyENYzCHFKaLknB6DVV02UiP5gY/s320/hanthana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHQWCOjUXFtAIlpb5fNdRBmwGkYaMFy576mjSRYbS1s6njU9mAajFu9SgEfCvmbiqPHb5NHTr5Rmunl1to3uG9oLug4z8M0TkiC3C8_OgbMmrQQ6h4EyENYzCHFKaLknB6DVV02UiP5gY/s72-c/hanthana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy