යාපනය චාවකච්චේරී තෙන්මරාච්චි ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නිමා වූ මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශනයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක්...
හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු ශෂිකලා රවිරාජ් මහත්මියගේ ආධාරකරුවන් පිරිසක් විසින් තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකොට ඇති නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුව ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුවේ මුහුණ කලු රෙදි කඩකින් වසා සිරුරු කොටස දෙමළ ජාතික සන්ධානයේ නිවස සලකුණ සඳහා යොදාගෙන ඇති වර්ණයන්ගෙන් යුතු රෙදි කඩවලින් ආවරණය කරමින් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවයේ නිරතූ වූවන් පවසා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ප්‍රතිඵල ප්‍රකාශනයේදී අක්‍රමිකතාවක් සිදුව ඇති අතර අවසන් මනාප ප්‍රතිඵල ප්‍රකාශයට ආසන්නව තිබියදී ශෂිකලා රවිරාජ් මහත්මිය දෙවන ස්ථානයේ සිටි බවටත් පස්වන ස්ථානයේ සිටි එම්.ඒ. සුමන්තිරන් ගණන් කිරීමේ ස්ථානයට පැමිණ යාමෙන් පසුව ශෂිකලා රවිරාජ් මහත්මිය සිව්වන ස්ථානයට වැටී එම්.ඒ. සුමන්තිරන් දෙවන ස්ථානයට පත්වූ බැවින එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පිළිගත නොහැකි බැවින් වහාම පරික්ෂණයක් සිදු කල යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS