දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි.
Homeප්‍රවෘත්ති

සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි.

PropellerAds

රාජපක්ෂ පවුලේ මුදල් ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු ආණ්ඩුවට ලබා දෙන බව කියමින් ආණ්ඩුව නොමඟ යවා සජින් වාස් ගුණවර්ධන තමන්ට එරෙහි නීතිමය කටයුතු ය...

තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්
අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්
‘අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ’ තිබි පිහි 49ක්, පොරෝ 03ක් අත්අඩංගුවට !

රාජපක්ෂ පවුලේ මුදල් ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු ආණ්ඩුවට ලබා දෙන බව කියමින් ආණ්ඩුව නොමඟ යවා සජින් වාස් ගුණවර්ධන තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින බව වාර්තා වේ. 

 ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කිරීම පිළිබඳව සජින් වාස්ට එරෙහිව තිබුණු චෝදනා සම්බන්ධයෙන් සියළුම පරීක්ෂණ කටයුතු අවසන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලිපිගොනු යවා ඇත්තේ 2015 මැයි මාසයේදීය. එහෙත් කෙටි කලකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නට සිදුවීම හැර සජින් වාස්ට මේ වන තෙක් නීතියෙන් දඬුවම් හිමිවන ලකුණක්වත් පෙනෙන්නට නැත. 

සජින් වාස් සම්බන්ධ මෙම ලිපිගොනු පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන තුසිත් මුදලිගේ මහතා සතුවය. ඔහු ඉතා දක්ෂ නිලධාරියකු බව ද පැවසිය යුතුය. එහෙත් සිදු වි ඇත්තේ ඔහුගේ දෑත බැඳ මුහුදට දමා පිහිනීමට කීවා වැනි වැඩකි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එන තදබල බලපෑම් හමුවේ තුසිත් මුදලිගේට ක්‍රියාත්මක වීමට නොහැකි වී තිබේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රහස්‍ය මූල්‍ය උපදේශක ලෙස තමන්ට ම නමක් පටබැඳගත් සජින් වාස් ගුණවර්ධන යනු වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම 'ගේම් කාරයෙකි'. මහින්ද රාජපක්ෂට සජින් වාස් ව මුලින්ම හමුවූයේ ඩුබායි රාජ්‍යයේදීය. ඒ, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කළ යුගයේදීය. මහින්ද රාජපක්ෂය ඩුබායිහි රාත්‍රී සමාජශාලා 'සැප' පෙන්වීම සඳහා මහින්දව සජින් සමඟ යැව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රවී විජේරත්න විසිනි. සජින් එවකට සේවය කළේ රවී විජේරත්නටය. කෙසේ නමුත් එදා ලැබුණු 'සැප' කෙතරම් ද යත් ඒ ගනුදෙනුව අවසන් වූයේ මහින්ද විසින් සජින් වාස්ව තමන්ගේ සේවය සඳහා ලංකාවට ගෙන්වා ගැනීමෙනි. එසේ පැමිණි සජින් වාස් කළේ එවකට විපක්ෂ නායක කාර්යාලයේ සිටි සියළුම ඉහළ නිලධාරීන් සඳහා සුපිරි සාදයක් පැවැත්වීමය. මත්පැන් අවශ්‍ය අයට මත්පැන් ද ස්ත්‍රීන් අවශ්‍ය අයට ස්ත්‍රීන් ද වශයෙන් සියල්ල සැපයූ සජින් රහසින් ඒ සියල්ල වීඩියෝ පටිගත කර මහින්ද රාජපක්ෂට පෙන්වා ඒ සියළු නිලධාරීන් තනතුරු වලින් එළවා දැමීය. එතැන් පටන් තමන්ට රිසි පරිදි මහින්දව නැටවූ සජින් මහින්දගේ පාලන සමයේ ඉහළින් ම වැජඹුන අතර අනෙත් අතින් ශිරන්ති රාජපක්ෂට පෙනෙන්නට බැරි තත්වයට පත් වී සිටියේය. ශිරන්ති ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඔහුව අපහාසාත්මක ලෙස හැඳින්වූයේ ගමන් මළු රැගෙන යන 'බැගේජ් බෝයි' ලෙසිනි. එහෙත් බැගේජ් බෝයි ඉහළම කෝටිපතියෙකු වූයේත් අදටත් යහතින් සිටින්නේත් ඔහු ඉතා සැලසුම් සහගත කූට උපක්‍රම අනුගමනය කරන්නෙක් නිසාය. 

රාජපක්ෂ පවුලට අයත් කලු සල්ලි පිළිබඳව පසුගිය යුගය පුරාවට ම නොයෙක් පුවත් වාර්තා විය. සජින් වාස් ඒ පිළිබඳව රහස් තොරතුරු ආණ්ඩුවට හෙළිදරව් කරන බවට පොරොන්දු දී ආණ්ඩුව රවටා ගෙන සිටී. සජින් වාස් යනු රාජපක්ෂ පවුලේ හිටපු සමීපතමයකු නිසා සහ ඔහුම කියන පරිදි 'රහස්‍ය මූල්‍ය උපදේශක' නිසා ඔහුගේ පොරොන්දුව මත බලාපොරොත්තු තබමින් ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දෙන්නේ නැත. එහෙත් සජින් වාස්ගෙන් ලැබෙනා තොරතුරක් ද නැත. 

දැනට සිදුවෙමින් පවතින්නේ එළුවාගේ අහවල් එක වැටෙනා තුරු බලා ඉන්නවා මෙන් ආණ්ඩුව සජින් වාස් තොරතුරු හෙළිකරන තුරු බලා හිදීමය. සජින් වාස් කරන්නේ බොරු කිය කියා කල් මැරීමත් තැන තැන පම්පෝරි ගැසීමත්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි.
සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි.
http://ift.tt/2fDuFSl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_709.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_709.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy