සංචාරක හෝටලයක සිටි විදෙස් තරුණියකට අතවර කිරීමට ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සිදුව ඇත්තේ මාතර මිදිගම සංචාරක හෝටලයක් තුල රැඳී ස...
ඊයේ අලුයම ඇය එම හෝටලයේ රැදී සිටියදී කිසියම් පුද්ගලයෙකු තම කාමරයට පැමිණි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
එම පුද්ගලයා හෝටලයට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව ඇති බව වාර්තා වනවා.
පසුව ඔහු අඩනිරුවතින් විදේශීය තරුණිය රැදී සිටි කාමරයට ඇතුළුන ආකාරයද ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් දර්ශන වලින් පැහැදිළි වනවා.
තරුණියගේ විරෝධය හමුවේ තරුණයා ඉන් පිටතට දිවගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය කාන්තාව මිරිස්ස සංචාරක පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධව එම ප්‍රදේයේම පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව සඳහන්.
COMMENTS