දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
Homeප්‍රවෘත්ති

අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර

PropellerAds

ජ නතාවගේ පොදු මතයට ගැලපෙන මහ පොළවේ පය ගසා සිටින පක්‍ෂයක් ලෙස එ.ජා.ප. ය පූර්ණ පරිවර්තනයක් සිදුකර ගත යුතු යැයි පුත්තලම දිස්ති‍්‍රක් එ.ජා.ප.  ...

මම ඉල්ලනවා.. මමත් ඉල්ලනවා..- රනිල්-සජිත් තනිව අද ජනාධිපති අපේක්‍ෂත්වයට සාකච්චා..
"UNP කාරයෝ බ්‍රෑන්ඩ්එකෙන් පිට ගියොත් පරදිනවා කුජීතවෙනවා"
හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි..
නතාවගේ පොදු මතයට ගැලපෙන මහ පොළවේ පය ගසා සිටින පක්‍ෂයක් ලෙස එ.ජා.ප. ය පූර්ණ පරිවර්තනයක් සිදුකර ගත යුතු යැයි පුත්තලම දිස්ති‍්‍රක් එ.ජා.ප.  අපේක්‍ෂක කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත්ව පරාජයට පත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (07 දා) කීවේය.

අපි ජනතාවගේ කැමැත්තට හිස නවනවා. මේ කැමැත්තෙන් සිදුවුණේ ප‍්‍රබල රජයක් හා දුර්වල විපක්‍ෂයක් බිහිවීමයි. ඊට හේතුව වුණේ රටේ බලගතුම ප‍්‍රධාන පක්‍ෂය වන එ.ජා.ප. ය කඩා බිඳ දමා වෙනම බලවේගයකින් ඉදිරිපත් වීමෙන් රජයට තම ඡුන්ද ව්‍යාපාරය

නිදහසේ කර ගනිමින් කලකිරුණු ජනතාව ළංකර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසා දීමයි. සජිත්ට පක්‍ෂයේ අභ්‍යන්තර ගැටලූ නිරාකරණය කරගෙන ඉදිරියට යෑමට තිබුණා. ඔහුට අවශ්‍ය බලය ලබා දුන්නා. ඒත් ඔහු වෙනම කඩාගෙන ගියා. අද රටට දුර්වල විපක්‍ෂයක් හිමි වී තිබෙනවා.

පත්වූ නවක මන්තී‍්‍රවරුන් තව වසර  දෙකක් පමණ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්, ස්ථාවර නියෝග හා තවත් කරුණු අධ්‍යයන කරන   විට ආණ්ඩුව අත්තනෝමතිකව, ඒකාධිපති බලතල ඇතිව ගමන් කරාවි. පළපුරුදු  සටන්කරුවන් සටන් බිමේ නෑ. ජනතාව යුද්දෙන් පරදීවි. රජයට සිංහල, බෞද්ධ බලවේග තිබියදී සජිත්ට එවන් බලවේග අඩුවෙලා. එයත්  ඛේදවාචකයක්.

‘මාළුවාට ජලය ඕනෑ වනවා’ මෙන් ඇතැම් වැරදි කළ අය හා පනින්නට සිතා සිටින අය ‘ගෝඨාභය සරණං, ‘මහින්ද සරණං’ සොයා එහි යාවි. ජනතාව අතරමං විපක්‍ෂය දුර්වලයි.

ආණමඩුවේ ජනතාව ද ආණමඩුව සංවර්ධනය කළ අය අමතක කරලා. උපන් අය අමතක කරලා. පිටතින් පැමිණි අය දිනවලා. එසේ කොට ආණමඩුව ජනතාව මොනවද කරගන්න, දිනාගන්න බලා ඉන්නේ. පිටත අය පළමුවැන්නා කරවීමටත්, ආණමඩුව අපේක්‍ෂකයෝ පහළට දැමීමටත් ආණමඩුව ජනතාව කටයුතු කරලා. එහි ප‍්‍රතිඵල ඔවුනට ඉදිරි කාලයේ ලැබේවි.

අපගේ දැක්ම තේමාව වී තිබුණේ පොහොසත් ආණමඩුවක් ඇති කිරීමයි. ඒත් ජනතාවගේ අපේක්‍ෂාව හා ජයග‍්‍රහණය වූයේ අරක්කු ආණමඩුවක් කරලීමටයි. දිස්ති‍්‍රක්කයේ වැඩිම සිංහල බෞද්ධයන් සිටින ආණමඩුවට එවැනි ඛේදජනක තත්ත්වයක් ඇතිකරලීමට ඇතමුන් ගන්නා උත්සාහය, කුමන්ත‍්‍රණය ජනතාවට නොපෙනීම අවාසනාවක්.

සෞභාග්‍යයේ දැක්ම ලබාගැනීමට කන පැළෙන්න බීමතින් යා යුතුයි කියා ඔවුන් සිතනවා ඇති.

එජාපය 2025 සඳහා අළුමතින් නැගී සිටින ෆීනික්ස් පක්‍ෂියකු මෙන් නැගී සිටිනවා.

ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
අපේ තේමාව වුණේ පොහොසත් ආණමඩුවක් ජනතාවට ඕනෑ වුණේ අරක්කු ආණමඩුවක් - රංගෙ බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglX4P1YUJMj5qGLmMk6M1Yk4erxeVjHi6F9XDkjTNNI_Lq_XYwBRAuYGO-zrpsgPz046RDxqivlS7JT61QjLJIGehllcevfpo6fHJTbhtIrRswMMv4FrBLOnqsZMdtlxwzBVnmoMLjaFQ/s320/Palitha-Rangebandara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglX4P1YUJMj5qGLmMk6M1Yk4erxeVjHi6F9XDkjTNNI_Lq_XYwBRAuYGO-zrpsgPz046RDxqivlS7JT61QjLJIGehllcevfpo6fHJTbhtIrRswMMv4FrBLOnqsZMdtlxwzBVnmoMLjaFQ/s72-c/Palitha-Rangebandara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_750.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_750.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy