අපේ ජන බල පක්ෂය සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය ක...
අපේ ජන බල පක්ෂය මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් විසින් ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීමට අනුමැතිය ලබා දුන් බව එහි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට පක්ෂයේ මහලේකම් ධුරය දරන හිමියන් විසින් තමන් මන්ත්‍රී ධුරය සඳහා තෝරා ගත් බව සඳහන් කරමින් ලිපියක් මැතිවරණ කොමිසම් වෙත භාර දී ඇත.
ඒ හේතුවෙන් පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබිණි.
ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද එම මන්ත්‍රීධුරය ගැන දැඩි බලාපොරොත්තු සහගතව සිටියහ.
COMMENTS