දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට - එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි - මාළිමාව 3%ක නවතී
Homeප්‍රවෘත්ති

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට - එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි - මාළිමාව 3%ක නවතී

PropellerAds

මෙ වර මහ මැතිවරණය අවසන් වූයේ මෙරට මැතිවරණ ඉතිහාසයට සහ දේශපාලනඥයින්ට පාඩම් රැසක් ඉතුරු කරමින්. ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව මෙවර විශේ...

අනුර දිසානායකත් ජනාධිපති ඡන්දයට ඉල්ලයි!
රනිල් නිසා රට සිවිල් යුද්ධයකට ඇදී යාමේ අවදානමක්... විදේශීය මිලිටරි මැදිහත් වීමේ අවදානමක්... තනි මිනිහෙක්ගේ බලකාමයට ලංකාවට මේ තරම් විනාශයක් කරන්න දෙන්න බෑ! - පුබුදු ජයගොඩ
ඩලස් පිල දෙපලු කරමින් මෛත‍්‍රිපාලත් ජනාධිපති තරගයට එයි... සජිත් පිලෙන් ද කොල එලි!
මෙවර මහ මැතිවරණය අවසන් වූයේ මෙරට මැතිවරණ ඉතිහාසයට සහ දේශපාලනඥයින්ට පාඩම් රැසක් ඉතුරු කරමින්.

ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව මෙවර විශේෂතා රැසක්ද දැක ගත හැකියි.
එක්සත් ජාතික පක්‍ෂයේ බල කදවුර වන කොළඹ දිස්ති‍්‍රක්කයේදී කිසිදු ආසනයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට නොහැකිවීමද මෙවර මැතිවරණයේ විශේෂිතම සිද්ධියක් වනවා.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, උප නායක වූ රවී කරුණානායක, මෙන්ම හිටපු මන්තී‍්‍ර දයා ගමගේ ද තරග වැදුණේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට වසර 42ක සිය දේශපාලන ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු මන්තී‍්‍ර අසුනක් අහිමි වනවා.

අකිල විරාජ් කාරියවසම්, අර්ජුණ රණතුංග, රුවන් විජේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, වජිර ආබ්වර්ධන වැනි මීට පෙර මැතිවරණවල ඉහල මනාප ලබාගත් හිටපු මන්ත‍්‍රීවරුන්ටද මෙවර සිය ධූර අහිමි වී තිබීම විශේෂත්වයක්.

තවත් විශේෂත්වයක් වන්නේ එක්සත් ජාතික පක්‍ෂය දරුණු පරාජයට ලක් වූ 1994 මහ මැතිවරණයේදී පවා ඔවුන් ජයගත් ලංකාවේ එකම ආසනය වූ මහියංගණය ආසනයෙන් මෙවර දරුණු පරාජයකට ලක්වීමයි.

මහියංගණය ආසනයේදී එක්සත් ජාතික පක්‍ෂයට හිමි වුයේ 5 වන ස්ථානයවීම විශේෂත්වයක්.

දිගම්බරන් බල කදවුර බිද දමමින් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ බලය ශක්තිමත්වීමද තවත් විශේෂ සිද්ධියක් වනවා. ප‍්‍රකාශිත ආසනවලින් ආසන කිහිපයකදීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 70,000 ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජය ගැනීමද විශේෂත්වයක්.

හෝමාගම ආසනයේදී වැඩි ඡන්ද 71,934 කින්ද, තිස්සමහාරාම ආසනයේදී වැඩි ඡන්ද 70,612 කින්ද ජයගත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කඩුවෙල සහ කැස්බෑව යන ආසනවලදි වැඩි ඡුන්ද 60,000 ඉක්මවා ගියා. කොළොන්න හා මහර ආසන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ වැඩි ඡන්ද පනස් දහසේ සීමාව පවා ඉක්මවා යමින්.

හම්බන්තොට හා මාතර තැපැල් ජන්ද වලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් දෙවනි වෙමින් සෙසු සියළු පක්ෂ අභිබවා ජාතික ජන බලවේගය දෙවන ස්ථානයට පැමිණීමද විශේෂත්වයක්.

මෙවර මහ මැතිවරණයේ ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රතිඵලවලට අනුව සමගි ජන බලවේගයට දිනාගත හැකි වූයේ එක් දිස්ති‍්‍රක්කයක් පමණයි. මැතිවරණ ආසන 2 ක් සමග ඔවුන් ජය ගන්නේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයයි.

මෙවර මහ මැතිවරණයේදී පළමු ස්ථාන 03 ම දිනාගත්තේ පළමුවරට මහ මැතිවරණයකට තරග වැදුනු අලූත් දේශපාලන පක්ෂ 03 ක් වීම විශේෂම සිද්ධියයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය එම පක්ෂ 03 ම වනවා.

මේ පොදුජන පෙරමුණ ලබා ඇති ජය මනාප ක්‍රමය ඇරඹුනු දා සිට ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයයි.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය වන මෙම පරාජය වනවා. ඔවුන්ට දිස්ත්‍රික්ක ලයිස්තුවෙන් එක් ආසනයක් හෝ හිමිවූයේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු සංධානයක් වූ ජාතික ජනබලවේගයට හිමි වුයේ මන්ත්‍රීධූර තුනක් පමණක් වන අතර ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 3.84% කි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට - එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි - මාළිමාව 3%ක නවතී
ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට - එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි - මාළිමාව 3%ක නවතී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCMQSN12z47j165T8uiTFcfO4gKzKFE-bAXDTtT6iOfIKLg8tcRb1KNFl4dREjhG5DadbwoNDcRB7GZES-TeFqBeSIsYr3ZoIaQqB30WX4H9melp9RxAsWFixcI28x00CoAgsI-TgX8U4/s320/910b42199c967b136c461e8fbb2abf1e4ec881af.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCMQSN12z47j165T8uiTFcfO4gKzKFE-bAXDTtT6iOfIKLg8tcRb1KNFl4dREjhG5DadbwoNDcRB7GZES-TeFqBeSIsYr3ZoIaQqB30WX4H9melp9RxAsWFixcI28x00CoAgsI-TgX8U4/s72-c/910b42199c967b136c461e8fbb2abf1e4ec881af.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy