දේ ශපාලන යෝධයෝ යැයි පාරම් බෑ දේශපාලකයින් මෙවර මැතිවරණයේ නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්‍රී ලංක...
දේශපාලන යෝධයෝ යැයි පාරම් බෑ දේශපාලකයින් මෙවර මැතිවරණයේ නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මොණරාගල මැදගම ආර්. එම්. ගුණසේන ක්‍රීඩාංගනයේ පැවැති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය රනිල් – සජිත් ලෙස දෙකඩ වීම හරහා මේ වන විටත් පරාජය පිළිගෙන ඇති බවයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලකයින් ජනතාවට සේවය නොකර තමන්ගේ දියුණුව පමණක් සලසා ගැනීම නිසා ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් උදාවි තිබේ. එවැනි දේශපාලකයින්ට මෙවර ජනතාවගේ ඡන්දය කිසිසේත් හිñ නොවන බව එම දේශපාලකයින්ම අවබෝධ කරගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වූ බලපෑම් නිසා ජයග්‍රාහී නෙළුම් පොහොට්ටුව ලාංඡනය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණය විජයග්‍රහණය කිරීමට පොහොට්ටුව පක්ෂය සමත් විය.
අලුත් පක්ෂයක් බිහි කලොත් රාජපක්ෂවරු මහ පාරේ ඇවිද්දනවා යැයි කියූ අයද එක් කරගෙන මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ රට සංවර්ධනය කරා ගෙන යමින් ආර්ථිකය දියුණු කර නව පරිච්ඡේදයක් බිහිකිරීමට සහ රටේ දේපල විකුණන එජාපයට එරෙහිව නව බලවේගයක් ගොඩනැංවීමට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අනාගත පරම්පරාව වෙනුවෙන් නව කර්මාන්තශාලා ඉදිකිරීම, කෘෂිකර්මාන්තය ඇතුළු බෝග වගාවන් දියුණු කිරීම, තාක්ෂණික අධ්‍යාපන අවස්ථා හරහා රැකියා අවස්ථා බිහිකිරීම ඇතුළුව වගකිම් සහගත ආකාරයෙන් රට දියුණුව කරාගෙන යාමේ සැලසුම් මේ වන විටත් සකස් කර ඇතැයිද මෙහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
– සිසිර මුණසිංහ

COMMENTS