දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පොලොන්නරුවේ තියෙන්නේ ගුත්තිල - මූසිල තරගයක් - මූසිලලා දැන් බොස්ට බැණ බැණ යනවා" - මෛත‍්‍රිපාල සිරිසේන
Homeප්‍රවෘත්ති

"පොලොන්නරුවේ තියෙන්නේ ගුත්තිල - මූසිල තරගයක් - මූසිලලා දැන් බොස්ට බැණ බැණ යනවා" - මෛත‍්‍රිපාල සිරිසේන

PropellerAds

"මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිල...

බැසිල් ආවා.. දැන් සහන දෙනවා… ඇමැති ලන්සා කටුනායක සිට කියයි - (video)
දුමින්ද සිල්වා නිදහස් කෙරේ ! බන්ධනාගාරයෙන් පිටව යයි
රනිල් සජිත්ට කරන්න යන දේ ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්!
"මම හය වතාවක් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළවෙනියා විදිහට පාර්ලිමේන්තු ගියා. අද පොලොනන්රුවේ තියෙන්නේ ගුත්තිල මූසිල තරගයක්. එදා මේ මූසිලලාගේ බොස් තමයි මම. අද මේ මූසිලලා බොස්ට බැණ බැණ යනවා. මට බණින අයට මම මොනවත් කියන්නේ නැහැ. ජනතාව නිසි වෙලාවට ඒවට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. මම බුදුදහමට අනුව ජීවත්වන කෙනෙක්. මට මේ ඡුන්දය කිරිකජු කනවා වගෙයි." ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

ඒ සිරිපුර, පල්ලේගම පැවැති ජනහමුවක දීය. හිටපු ජනාධිපතිවරයා තව දුරටත් මෙසේද කීවේය.

 ”මේ වතාවේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට තරග කරන අපේ කණ්ඩායමේ සමහරු අවුරුදු දහයකට වැඩිය පාර්ලිමේන්තුවේ හිටියා. දිස්ත‍්‍රික්කයේ සංවර්ධනයට මොනවද කළේ කියලා ඡුන්දේ ඉල්ලගෙන ඔබේ නිවසට ආවම එයාලගෙන් අහන්න. මම ජනාධිපති වෙලා දිස්ත‍්‍රික්කයේ වෙහෙර විහාර විතරක් 113 ක් හැදුවා. මම මට බණින කිසිකෙනකුට මම අපහාස උපහාස කරන්නෙ නැහැ. අවුරුදු 30 ක් පුරාවට පොලොන්නරුව ජනතාවගේ දියුණුවට කටයුතු කළ මම හොඳට පිං කරපු කෙනෙක්. ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා. මාව මරන්න මගේ ගෙදරට ආව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියාට පවා සමාව දුන්නා. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම කරලා නැහැ. වංචාව, දූෂණය, හොරකම කවදාවත් මගේ ළ`ග තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව හැමදාම මා සමග සිටියා. මම මුලින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තරග කරන කළේ මට සමහර ගම්මානවල මිනිස්සු දහයක් හොයාගන්න හිටියේ නැහැ. නමුත් මනාප ඡන්ද 13752 ලබාගෙන මම එදා පාර්ලිමේන්තුවට ගියා. එදා සිට ප‍්‍රශ්නයක් විසදාගන්න මගේ ළගට ආව කිසිකෙනකුගෙන් දේශපාලන පක්ෂය කුමක්ද කියලා මම කවදාවත් අහලා නැහැ. මගේ ප‍්‍රතිපත්තිය ජනතා ප‍්‍රශ්න විසදීමයි."

"මේ මැතිවරණයෙන් පසුව ඔය කෑගහන මහත්වරුන්ට භෞතික සම්පත් සංවර්ධනය කරන්න අවස්ථාව ලබා දීලා, මම ප‍්‍රදේශයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් කැප වෙනවා. මොරගහකන්ද ජලාශය නිසා අද පොලොන්නරු ජනතාවගේ ජල ගැටලූව සම්පූර්ණයෙන් විසදා තිබෙනවා. පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, විතරක් නොවෙයි කන්තලේ ජලාශයටත් දැන් ලැබෙන්නේ මොරගහකන්ද ජලයයි. දැන් පොල්ගොල්ලෙ වතුර ටික වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උල්හිටිය හරහා මාදුරුඔය දක්වා අඩුවක් නැතුව එනවා. ඒ නිසා මහවැලි බී කලාපයේ ගොවීන්ගේ ජල ප‍්‍රශ්නයට විස`දුමක් ලැබී තිබෙනවා. දැන් පොලොන්නරුවේ කන්න තුනක් අවස්ථාව ලැබී තිබෙනවා. කන්න තුනම වගා කළාම ගොවීන් ආර්ථික අතින් ශක්තිමත් වෙනවා. මෙවර මැතිවරණයට මුළු ලංකාවෙන්ම අපේක්ෂකයෝ 1500 ක් විතර ඉදිරිපත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට යන්නේ 225 යි. මේ අයගෙන් කොටසක් ආණ්ඩු පක්ෂයටත් තවත් පිරිසක් විපක්ෂයටත් යනවා. විපක්ෂයට යන අයගේ රාජකාරිය විවේචනය කිරීම විතරයි. මෙය අපේ රටේ තිබෙන නරක දේශපාලන සම්ප‍්‍රදායක්. අපි මෙම තත්ත්වය වෙනස්කොට ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පොලොන්නරුවේ තියෙන්නේ ගුත්තිල - මූසිල තරගයක් - මූසිලලා දැන් බොස්ට බැණ බැණ යනවා" - මෛත‍්‍රිපාල සිරිසේන
"පොලොන්නරුවේ තියෙන්නේ ගුත්තිල - මූසිල තරගයක් - මූසිලලා දැන් බොස්ට බැණ බැණ යනවා" - මෛත‍්‍රිපාල සිරිසේන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhmJ_uuc7_XTv5WWqPcUao_fd0NjhVycsI44iFNBX7vRvzWwy6q46yZst8DB93g6FKTt7iSDCfnXv4gNfyx8SosxAGi8sChuORAUU6_Z1TxmNT9G0znQbsgx-juXqXhmI5Z3b80cCcxfI/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhmJ_uuc7_XTv5WWqPcUao_fd0NjhVycsI44iFNBX7vRvzWwy6q46yZst8DB93g6FKTt7iSDCfnXv4gNfyx8SosxAGi8sChuORAUU6_Z1TxmNT9G0znQbsgx-juXqXhmI5Z3b80cCcxfI/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy