දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙවන බුවනෙකබාහු රජුගේ කුරූණැගල රාජ සභාව අනවසරයෙන් කඩා දමයි !
Homeප්‍රවෘත්ති

දෙවන බුවනෙකබාහු රජුගේ කුරූණැගල රාජ සභාව අනවසරයෙන් කඩා දමයි !

PropellerAds

කුරුණෑගල ඓතිහාසික රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබියදීත් එය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජන...

තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි
ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
කුරුණෑගල ඓතිහාසික රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබියදීත් එය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්‍ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තුමේන්තු ප්‍රධානීන්ගෙන්ද වාර්තාවක් කැඳවා ඇති බවයි.


ප්‍රථම වරට කුරුණෑගල රාජධානිය කරගත් දෙවන බුවනෙකබාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගෙන ගොස් ඇත්තේ ලී වලින් ඉදි කළ අට්ටාලයක් මතයි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙහි ආරක්ෂාව සඳහා පසු කාලයේදී ගොඩනැගිල්ලක් ඉදි කර ඇත.

අදාළ මණ්ඩපයසේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනි.

කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගන ගියේ කුරුණෑගල මහ නගර සභාවයි.

ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කෙරෙන්නේ ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේදීය.

ඒ, එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ මුල පිරීමට නියමිතව තිබියදීය.

මේ පිළිබඳව අප ඊයේ කළ විමසීමකදී කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටිපස කොටසෙන් දිව යන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවයි.

නගරාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදාළ අවසරය ලබා නොගැනීම සේම මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සඳහා මහ නගර සභාවට අවසර දුන්නේ නම් එය පුරාවිද්‍යා ආඥා පනත නොතකා හැරීමකි.

සිදුව ඇති විනාශය ගැන සොයා බැලීම සඳහා කුරුණෑගල සාශනාරක්ෂක බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා අද මෙම ස්ථානයට වැඩම කළහ.

මේ විනාශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපරේතමේන්තුව පොලීසිය වෙත පැමිණිලි කර පැය 24 ක් ඉක්ම ගොස් ඇතත් නීතිය ක්‍රියාත්මක වී නොමැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙවන බුවනෙකබාහු රජුගේ කුරූණැගල රාජ සභාව අනවසරයෙන් කඩා දමයි !
දෙවන බුවනෙකබාහු රජුගේ කුරූණැගල රාජ සභාව අනවසරයෙන් කඩා දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_s1Pa55uQsm6Yr21hpAa6k3WcXPZX4YV974bLuJbKqlhAGDtRAL_YHtqK5Z5kfjFrvtI8WzELgqeI9d3Ce3WZTn04uv6s3diHAxaGw-MirQKcaP6ERaOOvy7qtveU9imAf77N69GR40g/s320/kurunagala.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_s1Pa55uQsm6Yr21hpAa6k3WcXPZX4YV974bLuJbKqlhAGDtRAL_YHtqK5Z5kfjFrvtI8WzELgqeI9d3Ce3WZTn04uv6s3diHAxaGw-MirQKcaP6ERaOOvy7qtveU9imAf77N69GR40g/s72-c/kurunagala.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_564.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_564.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy