දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි !
Homeප්‍රවෘත්ති

දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහ කණ්ඩායමට අවශ්‍යය වි ඇත්තේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදිමට නොව එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැන...

බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණ
ආගමන විගමනය හා පුද්ගලයින් ලියාපදිංචිය හොර ගුහාවක් !
ගුවන් යානා නාශක පතොරොම් 5700 ක් සහිත පෙට්ට් 67 ක් යාපනයේ පාළු ලිදක තිබී සොයාගැනේ.
ක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහ කණ්ඩායමට අවශ්‍යය වි ඇත්තේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදිමට නොව එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනිම බවත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාට අවශ්‍යය වි ඇත්තේ පක්ෂ නායකත්වය ලබා ගැනිම බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ මාධ්‍යය හමුවක් කැදවමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

රනිල් වික්‍රමසිංහ මහතාට සහ නවින් දිසානායක ඇතුළු රනිල්ගේ කණ්ඩායමට තියෙන ලොකු ගැටළුව ජනතාව ප්‍රශ්න නෙවෙයි සිරිකොත සහ නායකත්වය ආරක්ෂා කර ගැනිම.

රනිල් වික්‍රමසිංහට ඕනි නායකත්වය ආරක්ෂා කර ගන්න , නවින්ට ඕනි මිලග නායකත්වය ලබා ගන්න.

මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය කුඩුකාර , කොමිස්කාර , මේ අමන ආණ්ඩුව පරාජයට පත් කරන්නේ කොහොමද කියලා.

රනිල් වික්‍රමසිංහයි නවින් දිසානායකයි ජන්දේ ඉල්ලන්නේ නින්දගම ආරක්ෂා කර ගන්න.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් කියනවා සිරිකොත ආරක්ෂා කර ගැනිමලු ප්‍රශ්නේ.

මිනිස්සුන්ට ජිවත් වෙන්න විදිහක් නැ .

මේ රජය එලවළු ගොවින්ගේ ඉඩම් අල්ල ගන්න කටයුතු කරමින් ඉන්නේ , එම්.සි.සි ගිවිසුමට ඕනි වැඩක් මේක.

රාජ්‍යය සේවකයින් හුරන් කන්න යනවා , ඔහුන්ට ලබා දිලා තිබුණු දිමනා ටික කප්පාදු කරලා තියෙනවා.

ඒවා ප්‍රශ්න නෙවෙයි රනිල් වික්‍රමසිංහටයි නවින්ටයි.

එම්.සි.සි එකට ඕනි පාර කපලා ඉවරයි , අත්සන් කරන්න විතරයි තියෙන්නේ.

2001 , 2005 චක්‍රලේකණ අයින් කරලා , රක්ෂිත , වනාන්තර සුරකින්න තිබුණු නිති ටික අයින් කරලා , ඒ රක්ෂිත ටික ගන්න ඕනි එම්.සි.සි ගිවිසුමට අවශ්‍යය පසුබිම සකස් කරලා තියෙන්නේ.

අනුරාධපුරය දක්වාම අධිවේගි මාර්ගය හදන්න යන්නේ , එකේ මුලික දෙයක් තමයි අපි කුරුණැගල දැක්කේ. බුවනෙකබාහු රජුගේ රාජ සභාව කඩලා මොකක්ද කරන්නේ අධි වේගයට පාර කපන්නේ.

මෙතතින් පටන් ගත්ත එක අනුරාධපුරය දක්වාම යනවා , අටමස්ථාන සිද්ධස්ථාන ඉතුරු වෙන්නේ නැ.

සංස්කෘතික ත්‍රිකෝණය ඉතුරු කරන්නේ නැ , ඔක්කොම බුල්ඩොසර් කරනවා. එම්.සි.සි ගිවිසුමට අවශ්‍යය පසුබිම මේ හදන්නේ.

රනිල්ටයි , නවින්ටයි , මහින්ද රාජපක්ෂටයි තියෙන එකම ප්‍රශ්නේ සිරිකොත ආරක්ෂා කර ගන්න එක.

ප්‍රසිද්ධ මාධ්‍යයවේදියෙක්ගේ මුහුණු පොතේ පල කරලා තිබුණා දුමින්ද සිල්වා නිදහස් කිරිමට අවශ්‍යය ලිපි ලේකන හදලා ඉවරයි , මහ මැතිවරණයෙන් පස්සේ ලිපි ලේකණ වලට අත්සන් කිරිමට නියමිතයි කියලා.

මේ ආණ්ඩුව ආපු ගමන් ගල් වැලි පස් ජාවාරම්කාරයන්ට යහමින් සල්ලි හොයාගන්න අවස්තාව දුන්නා.

දයාසිරි ජයසේකර කියනවා කුඩු කාරයන්ගේ රටක් බවට මේ රට පත් වෙලා කියලා , නම් ගම් ඇතුළු කියනවා කවුද කඩු ගෙන්නේ කියලා.

පොහොට්ටුවේ අයගේ චරිතය ගැන දයාසිරි ජයසේකර දැන් කියනවා.

මේ රජය බලයට පත් වුණොත් රටේ ජනතාවට හුස්ම ගන්න ඉඩක් නැ ,

නවින් දිසානායක කියන්නේ මට නායකත්වය පෙන මානේ තියෙන්නේ මට ජන්දය දෙන්න කියලා.

මුන්ට නායකත්වය ගන්න ජන්දේ දෙන්න ඕනි ද?

නුවරඑලිය මිනිස්සු නවින් දිසානායකට ජන්දේ දෙනවද? රු 50 ක් වතු කම්කරුවන්ට වැඩි කරන්න බැ කියපු මිනිහා.

සදළුතලේ ඉන්න නවින් දිසානායක කිව්වේ රු 50 ක් දුන්නොත් මම ඇමතිකම අතඅරිනවා කියලා.

පොහොට්ටුවෙන් තරග කරන ජිවන් තොණ්ඩමන් වතු කම්කරුවන්ට කිව්ව දේ දැක්කනේ.

වතු කම්කරුවන් රු පන්දහස ලැබුණේ නැ කිව්වම , තමුසේලා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන්නද ඇහුවා රු පන්දහස ඉල්ලන්න.

මේ හදයාට ටොක්කක් ඇනලා කියලා දෙන්න ඕනි , රු පන්දහස ගෝඨාභය රාජපක්ෂගේ සාක්කුවෙන් එන සල්ලි නෙවෙයි ජනතාවගේ සල්ලි.

කොහොමද ඉතින් මේ අය පාර්ලිමේන්තුවට ගියාම.

රනිල් වික්‍රමසිංහට බලවේග අල්ලන්නේ නැ , ඒවට බයයි , ජනතාවට බයයි.

හොරෙන් ඉදලා නායකත්වය තියා ගන්න තමයි ඕනි.

ජනතා නියෝජිතයන් 97 ක් ඉවත් කරනවද සිහිය කල්පනාව තියෙන මිනිහෙක්.. එයාට ඕනි මරෙනකම් මේක තියා ගන්න.

ඒකට කෙලින්න යනවා නවින් දිසානායක , සිරිකොත අල්ලගන්න සටන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රෙද්ද අස්සේ ඉන්න වුන්.

සිරිකොත අල්ල ගන්න සජිත් ප්‍රේමදාස මහතාට ඕනි නැ , අපිට තියෙන්නේ මේ රටේ ප්‍රශ්න.

රනිල්ටයි , නවින්ටයි සිරිකොත ආරක්ෂා කර ගන්න යන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ ගාවට ඕකයි සිදු කරන්නේ.

මිනිස්සුන්ට ඕනි මේ වංචාකාර ආණ්ඩුව පරාජයට පත් කරන එක යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි !
දුමින්ද සිල්වා නිදහස් කරන්න සූදානම්.. ලේඛණ හදලා ඉවරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGnyxBnAylZKjyOQsVQuxmpGhKX3LAV0w9xTA8cRaKmy2-nN4uz940PvcRsay7_IMTV-kbpBc9oqc7CAdsmao-7gk0oNJgK_lNnohxGSsuxA8fmGXQeXmFPmmL2rgeWPETwNJMNJVBnL4/s320/chamira.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGnyxBnAylZKjyOQsVQuxmpGhKX3LAV0w9xTA8cRaKmy2-nN4uz940PvcRsay7_IMTV-kbpBc9oqc7CAdsmao-7gk0oNJgK_lNnohxGSsuxA8fmGXQeXmFPmmL2rgeWPETwNJMNJVBnL4/s72-c/chamira.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_562.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_562.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy