ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය සඳහා වූ සංවිධානය කරන ලද සියළු ප්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ ජාතික සංවිධානය හිටපු ...
එම පක්ෂයේ ජාතික සංවිධානය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු සංවිධායකයන්ට මෙම උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව එළඹෙන 13 14 15 තුන් දිනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබූ සියලුම ප්‍රචාරක රැලි අත්හිටුවා ඇත.
මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සංවිධානය කරන සියලූ කුඩා රැස්වීම් හමුවීම් සියල්ල සීමා කරන ලෙස දැනුම් දී තිබේ.
කුඩා රැස්වීම් සහ හමුවීම පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව පමණක් පවත්වන ලෙස ද වැඩිදුරටත් දැනුම් දී ඇත.
COMMENTS