කුරුණෑගල පිහිටි ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීම ප්‍රාදේශීය මෝඩ ගොන් තකතීරු දේශපාලඥයන්ගේ වැඩක් බව රාවණ බලය සංවිධානය සඳහන් කරයි...
එහි මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන් පවසන්නේ මෙම සිදුවීම සදහා කිසිම අවස්ථාවක අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බවයි.
ප්‍රාදේශීය මෝඩ ගොන් දේශපාලනඥයන්ගේ වැඩවලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හසුකර ගැනීම බලවත් අප්‍රසාදයක් උන්වහන්සේ කියා සිටියහ.
එම සිදුවීම් සම්බන්ධයෙන් ගන්නා ලද ක්ෂණික ක්‍රියාමාර්ග ගැන අගමැතිවරයාට ස්තූතිවන්ත වන බවද උන්වහන්සේ පැවසූහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සද්ධාතිස්ස හිමියෝ මෙම අදහස් පල කරන ලදී.
COMMENTS