දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකියි..- හිටපු කතානායකගෙන් නිවේදනයක්..
Homeප්‍රවෘත්ති

කොරෝනා ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකියි..- හිටපු කතානායකගෙන් නිවේදනයක්..

PropellerAds

අද උදෑසන වාර්තා වූ පරිදි, ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය...

ලබන සති දෙක ඇතුළේ ආන්දෝලනයට තුඩු දුන් නඩු කීපයකට අදාල අධි චෝදනා.. නීතිපති දෙපාර්තමේන්තුව කියයි! කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ..
සතියකට එක ප්ලේන් එකක් විතරක් එන මත්තල ඉන්දියාවට දෙන වැඩේ රජය රිවස් කරයි!
ජනපතිට චීනයේ සිටියදී BBC රළු වාර්තාවක... චීනයට කියු පැරණි කතා අකුරක් නෑර පෙන්නයි!
අද උදෑසන වාර්තා වූ පරිදි, ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති විශේෂඥ මතය වී තිබේ. ඇති විය හැකි වසංගත උවදුරු වළක්වා ගැනීම සඳහා ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් වන බව අවධාරණය කරමින්, සෞඛ්‍ය උපදෙස් සිය උපරිම හැකියාව අනුව පිළිපදින මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

කෙසේ වෙතත්, ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස, පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශ මේ වන තෙක් ගැසට් නොකිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. එකී මාර්ගෝදේශ සැබවින්ම ජනතාව සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සංවිධානය කරන පුද්ගලයන් විසින් පිළිපදින බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන බලතල කිසිවක් රාජ්‍ය නිලධාරීන් හට ලැබී නැත. ඊට හේතුව එම මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කොට නොතිබීමයි.

මේ වන විට, මැතිවරණ ප්‍රචාරණයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා විසින් ද ඉල්ලීමක් සිදු කර තිබේ. කෙසේ වෙතත්, නීතිමය වශයෙන් ක්‍රියාවට නැංවීමේ බලයක් නොමැති ඉල්ලීමක් මගින් දේශපාලන ප්‍රචාරණය වැනි අතිශය තරඟකාරී පරිසරයක් තුළ සිදු කළ හැකි බලපෑම අල්ප වේ. දැනට පවතින නීතිමය හිඩැසෙන් අයතු සහ අනර්ථකාරී ප්‍රයෝජන ලබමින්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන ආකාරයේ ජන රැළි සංවිධානය කිරීම බෝහෝ දේශපාලඥයන් විසින් පසුගිය සති කිහිපය පුරා සිදු කරනු දක්නට ලැබිණි.

දේශපාලඥයන් විසින් එසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම පසුගිය මාස ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ ජනතාව කොරෝ්නා උවදුරෙන් මුදවා ගැනීම පිණිස සිය දිවි පරදුවට තබා කටයුතු කළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ ප්‍රයත්නය අපතේ යාමට ඉඩ හැරීමකි. එය ඔවුන්ගේ උදාර සේවයට සහ කැපවීමට කරනු ලබන බලවත් අපහාසයකි.

මෙවැනි කණගාටුදායක තත්ත්වයක් හමුවේ ජනතාව සිය සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට තමන්ට හැකිසෑම අයුරකින් ම කටයුතු කළ යුතු බව අවාරණය කරමි. තව ද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මැතිවරණයට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරනු ඇතැයි මම පොදු ජනතා සුභසිද්ධිය පෙරටු යහපත් චේතනාවෙන් අපේක්ෂා කරමි. එම මාර්ගෝපදේශයන්ට නීතිමය වටිනාකමක් ලබා දී රටත් ජනතාවත කොරෝනා උවදුරින් බේරා ගැනීමට කටයුතු කරන මෙන් සියලු වගකිවයුතු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකත්වයෙන් ආයාචනය කර සිටිමි.

කරු ජයසූරිය
සභාපති
ව්‍යවස්ථා සභාව
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකියි..- හිටපු කතානායකගෙන් නිවේදනයක්..
කොරෝනා ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකියි..- හිටපු කතානායකගෙන් නිවේදනයක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4TIBG2S2DUvcjmUxc2uQly8biTdOlXo85-1cPGIKMY1gYTYJfujYFDpOvt3PIEbva5v2iT_SMLjZJwgjKjTqrOlCH72bYZrAMV3jOlq-7q_zj8ECycXf2I2wQsDVgwm6BfN2PDrXFPyg/s320/karujaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4TIBG2S2DUvcjmUxc2uQly8biTdOlXo85-1cPGIKMY1gYTYJfujYFDpOvt3PIEbva5v2iT_SMLjZJwgjKjTqrOlCH72bYZrAMV3jOlq-7q_zj8ECycXf2I2wQsDVgwm6BfN2PDrXFPyg/s72-c/karujaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy