මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති මෙන්ම ඛනිජ තෙල් විෂය භාර ඇමැතිවරයා වන මහින්ද අමරවීර ගමන් ගත් වාහනයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිරවු...
ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සිට අඟුණුකොළපැලැස්ස බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානයේදී සිය රථයට ඉන්ධන පුරවාගෙන තිබුණා.
ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන සේ ඉන්ධන ලබාගත් ඇමැතිවරයා යළි ගමන් අරඹා කිලෝමීටර් 10ක් පමණ ඉදිරියට ගිය පසු වාහනය එකවරම නතර වී ඇති අතර පරීක්ෂා කරද්දී ඉන්ධන ටැංකියේ ජලය ලීටර 4ක් පමණ තිබී ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව අදාළ ඉන්ධනහලෙන් විමසීම් කර ඇති අතර, තමන් අලෙවි කළ ඉන්ධනවල ජලය මිශ්‍ර වී නැතැයි ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමැතිවරයා ඛනිජ තෙල් සංස්ථාවට නියෝග කළ බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
COMMENTS