ලෝ ක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් කෝටි 4,200ක් ශ්‍රී ලංකාවට ලැබුණු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරන ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් කෝටි 4,200ක් ශ්‍රී ලංකාවට ලැබුණු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරන ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා කාන්තා කටයුතු ඇමැතිනි පවිත්‍රා වන්නි ආරච්චි පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුව හා ලෝක සෞඛ්‍ය සංවිධානය පටලවා ගෙන ඇති බව ද කී සෞඛ්‍ය ඇමතිවරිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 02ක් පමණක් බවත් සඳහන් කර සිටියා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ලෝක බැංකුවෙන් සහ යුරෝපීය සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණ මුදලක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවා.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ප්‍රශ්න අහන්න ඉගෙන ගත්තොත් හොඳයි. එක සැරයක් එතුමා ලොකු බොරුවක් කිවුවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් කෝටි 4,200ක් අපිට ලැබුණා කියලා. ඒ වෙලාවේ මම එතුමාට ඒ පිළිබඳ පිළිතුරු දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ලැබුණේ ඩොලර් මිලියන 02ක් විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයයි ලෝක බැංකුවයි කියන්නේ දෙකක්. ලෝක බැංකුවෙන් අපිට ලැබිලා තිබෙනවා ඩොලර් මිලියන 128ක්. එය ලැබිලා තියෙන්නේ අවුරුදු 03කට. මේ අවුරුද්දට අපට ලැබිලා තිබෙන්නේ ඩොලර් මිලියන 22ක් පමණයි. ඒ වගේම එතුමා යුරෝපීය සංගමයෙන් ලැබුණ මුදලක් ගැන කථා කරනවා. යුරෝපීය සංගමයෙන් අපිට සතයක්වත් මුදල් ලැබී නැහැ. එතුමා මේ ගැන කිහිප වතාවක්ම මගෙන් ප්‍රශ්න කරනවා. මට උත්තර දෙන්න කියනවා. එතුමා කියන කියන සැරේට මම උත්තර දෙනවා. මෙතනින් එහාට එතුමාට මට කියන්න තියෙන්නේ මීට වඩා මේ ප්‍රශ්නයට මගේ කාලය නාස්ති කරන්න බැහැ කියලා.” යනුවෙන් පැවසුවා.

COMMENTS