ආ රක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කුඩු තොග නැවත ජාවාරම්කරුවන්ට විකිණීම ඇතුලු ජාවාරම්වල නිරත වූ තවත් පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු පමණ තවමත්...
ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කුඩු තොග නැවත ජාවාරම්කරුවන්ට විකිණීම ඇතුලු ජාවාරම්වල නිරත වූ තවත් පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු පමණ තවමත් සක්‍රීය සේවයේ නිරතව සිටින බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ පසුගිය සිකුරාදා ඉහළ පොලිස් නිළධාරීන් පිරිසක් හමුවේදී සිදුකළ දේශනයකදීය.
මේ වනවිටත් මෙම ජාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මෙම ජාවාරම හරහා පොලිස් නිළධාරීන් ලක්ෂ ගණන් මුදල් උපයාගෙන ඇති බවයි.
මේ අතර නීතිපතිවරයා මෙම හෙලිදරව්ව සිදුකළ දේශනය ආවරණය කිරීම සඳහා පැමිණ සිටි මාධ්‍යවේදී පිරිසක් එළවා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ද එල්ල වී තිබෙනවා. නීතිපතිවරයා විසින් අදාල මාධ්‍යවේදීන් පිරිසට සිය දේශනය ආවරණය කරන්නැයි ආරාධනා කර තිබියදී මෙසේ මාධ්‍යවේදීන් පිරිස එළවා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS