මෙවර මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නැඟණිය වූ ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ පුත් නිපුණ රණවක මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමු...
යම් කණස්සලකින් සිටින බවත් පසුගියදා දෙනියාය, කොටපොළ ප්‍රදේශයේදී තිදෙනෙකු රෝහල්ගත කරවන මට්ටමෙන් සිදුවූ පහරදීම මේ මනාප ගැටුම හේතුවෙන් උද්ගත වූ එකක් බවත් වාර්තා වේ.
නිපුණ රණවක යනු තරුණයෙකි. ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව ඥාතීත්ව පදනමින් හෝ තරුණයින් දේශපාලනයට පිවිසීම හොඳ දෙයකි.
රණවකලා ගැන කියන විට අපට මතක් වන්නේ මීට වසර ගණනාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රණවකලාගේ තේ වතු යායක රාජ්‍ය ආයතනයක් වූ මග නැඟුම ආයතනයේ යන්ත්‍රෝපකරණ යොදාගෙන සිදුකළ ඉදිකිරීමක් පිළිබඳ වාර්තා කිරීමට ගිය අපේ මාධ්‍ය සහෘදයින් පිරිසක් ත්‍රස්තවාදී චෝදනා යටතේ සිරගත කිරීම පිළිබඳවය. එවැනි පෙර වැරදි සිදු නොකර නිපුණ රණවක සිය දේශපාලන ගමන ඉදිරියට කරගෙන යන්නේ නම් වඩාත් හොඳවනු ඇත.
ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් නිර්මාණය කෙරුණු නිල තේමා ගීතය පහතින් දැක්වේ.
COMMENTS