දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙවනගලටත් ජනපති අවධානය.. විහාරයට රිය පෙරහරකින් පුද්ද ප‍්‍රතිමාවක් වැඩම කරවයි
Homeප්‍රවෘත්ති

දෙවනගලටත් ජනපති අවධානය.. විහාරයට රිය පෙරහරකින් පුද්ද ප‍්‍රතිමාවක් වැඩම කරවයි

PropellerAds

කු රුනෑගල සහ මාවතගම ප‍්‍රදේශවල සිට රිය පෙරහැරකින් බුද්ධ ප‍්‍රතිමාවක් මාවනැල්ල දෙවනගල ඓතිහාසික රජමහ විහාරයට වැඩමවිම ඊයේ 06 සිදු වුයේ කෑගල්ල ...

පාර්ලිමේන්තුවේ අද හැසිරීම ගැන ජනපති තුති පුදයි
ආණ්ඩුපක්ෂය හා ජනපති අතර විශේෂ හමුවක්
කථානායක නොඑයි - පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි
කුරුනෑගල සහ මාවතගම ප‍්‍රදේශවල සිට රිය පෙරහැරකින් බුද්ධ ප‍්‍රතිමාවක් මාවනැල්ල දෙවනගල ඓතිහාසික රජමහ විහාරයට වැඩමවිම ඊයේ 06 සිදු වුයේ කෑගල්ල අරුණෝදයේ සමාජික සමාජිකත්වයන්ගේ මූලිකත්වයෙනි.
මෙම රිය පෙරහැර පැමිණිමේ අතරවාරයේදි දෙවනගල පුදබිම බේරා ගැනිමට අත්සන් ලක්ෂයක් ලබා ගැනිමත් මහා සංඝරත්නයෙන් අත්සන් 1000 ක් ලබා ගැනිමත් කටයුතු එහිදි සිදු කරනු ලැබිය. මෙලෙස සමකාමිව රිය පෙරහැරින් රඹුක්කන, මාවනැල්ල යන නගර පසු කරමින් පැමිණ දෙවනගල රජමහ විහාරයේ සංඝාවාස බිමේ ධර්ම ශාලාවට බුදු පිළිමය වැඩමවිම සිදු වුයේ විහාරස්ථානයට එක් වු බොහෝ බැතිමතුන්ගේ සාධු නද මැදින් හා මංගල බේර හඩ මැද්දේය.
එම අවස්ථාවේදි දෙවනගල රජමහ විහාරයේ භාරකාර හිමියන් වන පුජ්‍යපාද මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙන්ම සියඹලාපිටියේ මුද්‍රිත හිමියන්ද එක්ව සිටි අතර බුදු පිළිමය ධර්ම ශාලාවේ සකස් කර විශේෂ ස්ථානයක තැන්පත් කිරිමෙන් අනතුරුව ඊට මල් පහන් යනආදිය තැන්පත් කර බුද්ධ වන්දනාවෙන් පසුව කෑගල්ල අරුණෝදය කණ්ඩායම විසින් විහාරාධිපති හිමියන්ට අනුශාසනාවක් කරන ලෙස ඉල්ලා සිටින ලදි.

එම අනුශාසනාව සිදු කරන්නට පෙර කෑගල්ල අරුණෝදය සමාජිකයා පැවසුයේ මෙම අත්සන් ලබා ගැනිමේ අරමුණ රජ පරම්පරා තුනකට අයත් දෙවනගල පුදබිම ආරක්ෂා කර ගැනිමත් 2021 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මෙම පුණ්‍ය වන්ත භූමියේ පැවැත්විමට රජයට දන්වා සිටිමටත් මෙම අත්සන් ලබා ගැනිම සිදු කරන බවද පැමිණ සිටි පිරස වෙත පැවසිය.

එහිදි අනුශාසනාව සිදු කරන ලද පුජ්‍යපාද මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පැවසුයේ මෙවැන්නකි.

අපේ පුණ්‍යවන්ත භූමිය වන දෙවනගල රජමහ විහාරය සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මෙන්ම මුද්‍රිත හරහා පල වුවායින් පසුව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට යොමු වි ඇති බව විශ්වාසනීය ආරච්චි මාර්ග වලින් දැන ගැනිමට අපිට හැකි වෙනවා.

මුහුදු මහ විහාරයේ ජාතික උරුමය ආරක්ෂා කරලා දුන්නා වාගේ එතුමා විසින් දෙවනගල පුජා භූමියේ ගැටලූව සම්බන්ධයෙන්ද අවදානය යොමු කරාවි. එතුමා වටා ඉන්න හැම කෙනෙකුටම මේ වාගේ උරුමයන් ආරක්ෂා කිරිමේ උනන්දුවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ පිනට පහල වු එතුමා නිසා අපි අද නිදහසේ උස්ම ගන්නවා පසුගිය කාලය පුරාවට අපි බොහෝ කරදර බාධක වලට මුහුණ දුන්නා. පසුගිය යහපාලන රජයෙන් අපි විවිධ වු බාධක කම්කටුලූ අපහසුතාවයන් වලට ලක් වුනා විතරක් නොවෙයි. දෙවනගල ගැටලූව ගැන කතා කරන්න විසදුමක් ගන්න ක‍්‍රමයක් සකස් කරද්දි එක ජාතිවාදයකට දාලා යටපත් කරලා සමහර අයගේ මන දොල පිනවන්න දේශපාලන අධිකාරිය වාගේ සමහර රජයේ නිලධාරින් කටයුතු කරලා තිබුණා.

මේ වන විට සිදු වි ඇති හානිය පසුගිය කාලය පුරාවට මාධ්‍ය හරහා මා විසින් මෙන්ම අපේ දායක සභාව විසින් පෙන්වා දි තිබුනා. අපි ඉල්ලා සිටින්නේ අන්‍ය ආගමික අපේ මුස්ලිම් ජනතාවගේ නිවාස කඩා බිද දමන්න කියලා නොවෙයි. විහාරයට අයිත් රජ දරුවන් පුජා කරපු ඉඩ කඩම් විහාරස්ථානයට විශේෂයෙන් මුඩු ඉඩම් ටික ආරක්ෂා කර දෙන්න කියලායි. ඒ වාගේම පුරා විද්‍යා ස්මාරක ඇතුලතික් පුජා භූමිය දෙසට ඉඩම් අල්ලා ගැනිම නැවැත්විමට පියවර ගැනිමටත් ක‍්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පුජා භූමියක් නොවෙයි මේක පුරා විද්‍යා එකට වැරදිලා කියන එක ගැනත් සොයා බැලිමක් කර යුතුයි. පසුගිය කාල වල බුදු පිළිම කඩා මාවනැල්ලේ විනාශ කරද්දි අන්තවාදින් සමහර දෙනාගේ වුවමනාවට දෙවනගලටද විවිධ වු හානි සිදු වුනා. කබිර් හෂිම්ලා බුදු පිළිම කැඩිමට සම්බන්ධයි කියලා කියන්නේ මම නොවෙයි හිටපු පොලිස් ස්ථානාධිපතිතුමා ඒ නිසා ඒවා බොරු නොවෙයි. ඒ ගැන රජය සොයා බලා මොවුන් දේශපාලනයට ඇවිත් කරන විනාශයට ගැනත් වෙනම සොයා බැලිමක් සිදු කරන්න ඔනෑ කබිර් හෂම් කියන හිටපු ඇමැතිවරයා පන්සල් වලට ගිහින් බණ කියලා ? තිස්සේ අන්තවාදය වපුරා දැම්මා.

මේවා එහෙම වුනොත් අපි මේ වේලාවේ කල්පනාවෙන් වැඩ කරන්න ඔනෑ. සමාජ මාධ්‍යයේ දෙවනගල සම්බන්ධයෙන් වැරදි දේවල් අපේ අවසරයකින් තොරව දාන්න එපා මම පොලිසියටත් කිවා දෙවනගල හාමුදුරුවෝ කිවා කියලා සල්ලි එකතු කරන පිරිසකුත් මේ වන විට සමාජයේ සැරි සරණවා කියලා ඒ ගැනත් සොයා බැලිමක් කරලා ඔවුන් සියලූ දෙනාට දඩුවම් පැණවිම සිදු කරන්න.

ඒ නිසා ජාතිවාදි නොවන සත්‍ය ජයගන්න අවංක චේතනාවෙන් අපි වැඩ කරපු. ඉස්සර අපේ රටේ හොඳ රජවරුන් පහල වෙද්දි රට ස්වං පෝෂිත වුනා වාගේම බුදු සසුන නව පිබිදිමක් ඇති වුනා ගුණ යහපත් මිනිස්සු සත්‍ය ජයගත්තා. බොරු කර අන්තවාදින් පැරදුනා. ඒ නිසා අපි මේ ගැටලූව වුනොත් සිහි බුද්ධියෙන් කටයුතුු කරලා මේ ජාතික උරුමය ආරක්ෂා කර ගමු යැයිද පැවසිය.

– සමන් විජය බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙවනගලටත් ජනපති අවධානය.. විහාරයට රිය පෙරහරකින් පුද්ද ප‍්‍රතිමාවක් වැඩම කරවයි
දෙවනගලටත් ජනපති අවධානය.. විහාරයට රිය පෙරහරකින් පුද්ද ප‍්‍රතිමාවක් වැඩම කරවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1GmVelloLao9eqbHfTDDz8vge8hqI9k5Hk_KFEJN9TnbeibnWtas7c5mQ1lrLpFBZbr_nd0jNEET3RW6v2vBO373a3m8eE6bnKE39TmvIJwSwf1K2rgnco2pTs35fb5jmg8gaNQ_1B6s/s320/454545444.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1GmVelloLao9eqbHfTDDz8vge8hqI9k5Hk_KFEJN9TnbeibnWtas7c5mQ1lrLpFBZbr_nd0jNEET3RW6v2vBO373a3m8eE6bnKE39TmvIJwSwf1K2rgnco2pTs35fb5jmg8gaNQ_1B6s/s72-c/454545444.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_856.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_856.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy